වත්තල හුනුපිටිය ප්‍රදේශයේ ගිමන් හලක් (Guest house) වටලා එහි කාමර සතරක් කුලියට ගෙන එහි සිට අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණ ජෝඩු හතරක් සහ ඔවුන්ට අනුබල දුන් ගිමන් හලේ කළමනාකරුද අත්අඩංගුවට ගත් බව ජා ඇළ සුරාබදු ස්ථානය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ලඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3500ක්ද තම භාරයට ගත් බව සුරාබදු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය. (Sri Lanka Latest News)
සුරාබදු ස්ථානයට ලද තොතුරක් මත අදාල ගිමන් හල වැටලූ අවස්ථාවේදී එහි ආරක්ෂාව සඳහා දඩ බල්ලන් දෙදෙනෙකුද යොදවා තිබුණු බව සුරාබදු නිලධාරීන් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් වයස අවුරුදු 20 – 30 අතරේ පසුවන තරුණියන් අනුරාධපුරය, කැලණිය හා වත්තල යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් ඔවුන් සමඟ සිටි තරුණයන් කැස්බෑව, දඹුල්ල සහ ඇඹිලිපිටිය පෙදෙස්වල සිට රැකියා සඳහා කොළඹට පැමිණ සිටි අය බවත් අනාවරණය වූ බව ජා ඇළ සුරාබදු ස්ථානය පවසයි.
මෙම ජෝඩු එකිනෙකා දැන හඳුනාගෙන ඇත්තේ මුහුණුපොතේ මාර්ගයෙන් බවද මෙහිදී හෙළිවී ඇත. සැකකරුවන් අධිකරණය වෙත වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
dinamina










