මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 38ක රාජ්‍ය ලාංඡනය යෙදිම සහ වාහන බදෙහි ආයතනයේ නම සටහන් කිරිමට කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ. (Sri Lanka Latest News)
රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛය අනුව රාජ්‍ය ලාංඡනය යෙදිම සහ වාහන බදෙහි ආයතනයේ නම සටහන් කළයුතුය.
එමෙන්ම ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 09ක් සම්බන්දයෙන් ලේඛන යාවත්කාලීනව පවත්වා නොතිබු අතර එම වාහනවල වටිනාකම තක්සේරුකර ගිණුම්ගත කිරිමට කටයුතු කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
තවද ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 04ක් පිළිබද තොරතුරු අනාවරණය කර නොතිබු අතර එම වාහන මධ්‍යම පළාත් සභාවේ ආයතන විසින් භාවිතා කරණ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වි නොතිබුණි.
එමෙන්ම මධ්‍යම පළාත් සභාව සතු ඝර්භිත වාහන 38ක් 2017 වර්ෂයේ දි වෙන්දේසිකරතිබුනද එම වාහනවල ලියාපදිංචි අයිතිය අදාල පුද්ගලික පාර්ශවයන් වෙත පැවරිමට කටයුතු කරනොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
lankadeepa










