සදුදා දිව්රුම් දීමට නියමිත නව කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයන් සිටිනුයේ දැනට ඇමැතිකම් දරන සිව්දෙනා පමණක් බවත්, ඉතිරි ඇමැතිවරුන් 11 දෙනාම නවක, තරුණ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් තෝරාගත් පිරිසක් බවත් දැනගන්නට තිබේ.
දැනට කැබිනට් ඇමැතිකම් දරන ජ්‍යෙෂ්ඨයන් සිව් දෙනා වන්නේ ජී.එල්.පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ අලි සබ්‍රිය.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, වක්කුඹුර, කංචන විජේසේකර ඇතුලු රාජ්‍ය ඇමැතිවරුන් රැසකට මෙවර කැබිනට් ඇමැති ධූර හිමිවීමට නියමිතය.
එමෙන්ම මෙතෙක් කැබිනට් ඇමැතිකම් දැරූ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත නව කවුන්සිලයක් නිර්මාණය කොට නවක ඇමැතිවරුන්ට සහාය වීම පිණිස ඔවුන් පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
මීට අමතරව කැබිනට් තනතුරු ගැනීමෙන් හිස්වන රාජ්‍ය අමාත්‍ය ධූර සදහා තරුණ මන්ත්‍රීවරුන් පත්කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.










