ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ඉන්දියාවේ අපනයන – ආනයන (EXIM) බැංකුව සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුවිය.Sri Lanka Latest News
2021-22 වකවානුව තුළ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ උච්ඡතම අවස්ථාවේ දී ඉන්දියාවෙන් ලද හදිසි ආධාර ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යළි යථාතත්ත්වයට පැමිණීමට බෙහෙවින් උපකාරී වූ අතර එහිදී ලද බොහෝ ණය ආධාර ඉන්දියාවේ EXIM බැංකුව හරහා සිදුකෙරුණි.
මෙම සංශෝධන ගිවිසුම් ඉන්දියානු රජය සමඟ ප්‍රතිව්‍යුහගත කරන ලද ණය මාර්ග 07 සහ ගැනුම්කරුවන්ගේ ණය පහසුකම් ගිවිසුම් 04 ක් වෙනුවෙන් අත්සන් තබා ඇති අතර ඒවායේ සමස්ත වටිනාකම ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 930.8කි.










