රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත. (Sri Lanka Latest News)
වෛද්‍යවරුන් බොහෝ පිරිසක් පිටව ගොස් ඇත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව යනාදී රටවලටය. ආර්ථික ගැටලු ඔවුන් මෙසේ විදේශගතවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ ප්‍රශ්නයට රජය කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බව වෛද්‍යවරු යෝජනා කරති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බවයි.
එම වෛද්‍යවරුන් බොහෝ පිරිසක් රටා අත්හැර ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.
පිරිසක් විදේශ පුහුණුවීම් සඳහා ගොස් ඇති බවත් පුහුණුවීම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරුන් මේ වන විට පැමිණෙමින් සිටින බවත් ලේකම්වරයා කීවේය.
හෙදියන්ද දෙසීයකට වැඩි පිරිසක්ද රට රැකියාවලට ගොස් ඇතත් නව බඳවා ගැනීම හේතුවෙන් රෝහල්වල කටයුතුවලට බාධාවක් වී නැතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
lankadeepa