අවුරුදු 18ට වැඩි පිරිමි ජනගහනයෙන් 35%ක් මද්‍යසාර භාවිත කරන බවත්, දුප්පත් පවුල්වල ආදායමෙන් තුනෙන් එකක් පමණ අරක්කු, බියර්, කසිප්පුවලට වියදම් කරන බවත් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙළි කරයි. (Sri Lanka Latest News)
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මද්‍යසාර පරිභෝජනය ලීටර් 4.3ක් බවත්, මද්‍යසාර භාවිත කරන පිරිසේ ඒක පුද්ගල මද්‍යසාර පරිභෝජනය ලීටර් 18.9ක් බවත් සඳහන් කරන එම මධ්‍යස්ථානය වැඩිම දෙනකු භාවිත කරන මද්‍යසාර වර්ගය අරක්කු වන අතර බියර් දෙවැනි තැන ගන්නා බවද කසිප්පු භාවිතය මද්‍යසාර භාවිතා කරන අයගෙන් 10%ට වඩා වැඩි නොවන බවද පවසයි.
රටේ ආදායම වැඩි කරගන්න නම් මද්‍යසාර බදු වැඩි කළ යුතු බවත්, ඉන් ජන ජීවිතය ඉහළට ඔසවා තැබිය හැකි බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි. නීති විරෝධි මද්‍යසාර වැඩි වීමෙන් රජයට බදු නොලැබෙන බව පවසමින් මද්‍යසාරවල මිල පහත දැමීමට හා අලෙවිසල් වැඩි කරගැනීමට සිදු කරන විද්‍යාත්මක නොවන තර්කවලට නොරැවටිය යුතු බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
නීති විරෝධි මද්‍යසාර අවම කළ යුතු අතර, ඒ සඳහා ඇති ආයතන ශක්තිමත් කිරීමට ක්‍රියාත්මක විය යුතු බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
dinamina










