කුවේට් රාජ්‍යයෙන් ලබා දෙන අරමුදලක් යොදවා මොරටුව විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ඉදිකිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මොරටුව විශ්ව විද්‍යාලය සදහා වෛද්‍ය පීඨයක් ඉදිකිරීමට මීට පෙර කැබිනට් අනුමැතිය ලැබී තිබුණි.
ආරාබි ආර්ථිකය සංවර්ධනය කිරීම සදහා වූ කුවේට් අරමුදල – [ Kuwait Fund for Arabic Economic Development ] අදාල ව්‍යාපෘතිය සදහා මුදල් ලබා දීමට එකගතාවය පළ කර තිබේ.
මේ මගින ලබා ගැනීමට නියමිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 33 කි.










