වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් ලක්ෂ 3 කට අධික පිරිසක්, මෙතෙක් එන්නත්කරණයට යොමුවී නොමැති බව, ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එහි ලේකම් එම්. එච්. එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, ඔවුන් හඳුනා ගනිමින් එන්නත්කරණයට යොමු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවයි.
ග්‍රාම නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් මගින් ලබා ගත් තොරතුරු මත පදනම්ව, එම කටයුතු විධිමත්ව සිදු කෙරෙනු ඇති.
මේ අතර, කොරෝනා වසංගතයේ ආරක්ෂා වීමට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බව, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය යළිත් අවධාරණය කළා ය.









