පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස්පති ධුරයට පත්වීමත් සමඟ පොලීසියේ වැරදි මෙන්ම අපරාධ ගැන තොරතුරු දැනුම් දීමට හඳුන්වා දුන් 071-8598888 වට්ස්ඇප් අංකයට ඊයේ (17) වන විට තොරතුරු 3000කට ආසන්න ප්‍රමාණයක් මහජනතාවගෙන් ලැබී තිබේ.Sri Lanka Latest News
පොලිස්පතිවරයාට සෘජුවම තොරතුරු ඉදිරිපත් කිරීමට මෙම වට්ස්ඇප් අංකය හඳුන්වා දෙන්නේ පසුගිය 13 වැනිදා ය. මහජනතාවගෙන් මෙතරම් තොරතුරු ගොන්නක් එම වට්ස්ඇප් අංකයට ලැබී ඇත්තේ දින 05ක් වැනි කෙටි කාලයකදීය.
එම තොරතුරු අතර පොලීසිය සම්බන්ධයෙන් මෙන්ම විවිධාකාර තොරතුරු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. ධාරිතාව ඉක්මවා යන තරමට තොරතුරු මේ වන විට එම වට්ස්ඇප් අංකයට ලැබී ඇති බවත් එම තොරතුරු සම්බන්ධයෙන් මේ වන විටත් කරුණු සොයාබැලීමට පියවර ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම වට්ස්ඇප් අංකය තොරතුරු හා ඡායාරූප පමණක් ඉදිරිපත් කිරීමට හඳුන්වා දී ඇති අතර දුරකතන ඇමතුම් ලබාගැනීමට නොහැකිය.
දිනමිණ










