• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් පුටු පෙරළියේදී තවත් වාර්තා 3ක් තියලා! I Sri Lanka Latest News

December 5, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
පොලිස් පුටු පෙරළියේදී තවත් වාර්තා 3ක් තියලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර පොලිස් පුටු මාරුවීම්වලදී කාන්තාවන්ට ඉහළ ප්‍රමුඛතාවයක් හිමිව තිබීම විශේෂ සිදුවීමකි.Sri Lanka Latest News

ඒ අනුව ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ධුරයටත් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණ දෙන නිලධාරියා ලෙසත් පොලීසියේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ (SIU) අධ්‍යක්ෂ ලෙසත් කාන්තා නිලධාරිනියන් තිදෙනකු පත්කර තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස එහි මෙතෙක් නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මියත් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අධ්‍යක්ෂ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මියත් පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස පොලිස් මූලස්ථානයේ සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මියත් පත්කර තිබේ. මේ හැරුණු කොට පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය (පොලිස් රෝහල) අධ්‍යක්ෂ ධුරයට ද කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක පත් කර ඇත.

පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අධ්‍යක්ෂ ධුරය පොලීසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනි තැන සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබෙන ස්ථානයක් බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කරයි. මෙම තනතුර ලැබුණු දර්ශිකා කුමාරි මහත්මිය ශ්‍රී ලංකා පොලීසියට එක්වන්නේ 1997 වසරේදීය. ශ්‍රී ලංකා පොලීසියේ ස්ථිර සේවයට කාන්තා උප පොලිස් පරීක්ෂිකාවන් පිරිසක් ඉතිහාසයේ පළමුවරට බඳවාගත් අවස්ථාවේදී දර්ශිකා කුමාරි එම කණ්ඩායමේ සිටි සාමාජිකාවකි.

සහකාර පොලිස් අධිකාරීවරියක වශයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක ලෙස 2008 වසරේදී සේවයේ නිරතව සිට ඇති ඇය 2008 හා 2020 කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක ලෙස සේවයේ නිරතව සිට ඇත. අනතුරුව ඇය 2020 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකාව ලෙස සේවයේ නිරතව සිට ඇත. පරිගණක ආශ්‍රිතව ළමයින්ගේ නිරුවත් ඡායාරූප හුවමාරුවීම් සම්බන්ධයෙන් විමර්ශන අංශයක් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානගත වන්නේ ඇගේ කාලය තුළදීය. 2022 වසරේදී එවකට සිටි පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස ද කටයුතු කර ඇති ඇය පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂිකාව ලෙස සේවයේ නිරත වූවාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්වූ ඉමේෂා මුතුමාල මහත්මිය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම ආධුනික කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියන් තිදෙනා අතර ද සිටින්නියකි.

ඇය ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක ලෙස පොලිස් සේවයට එක්වන්නේ 2007 වසරේ නොවැම්බර් 03 වැනිදාය. 2017 වසරේ මාර්තු 23 වැනිදා පොලිස් අධිකාරීවරියක ලෙස උසස් වීම් ලැබූ ඇයට ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති ධුරය කාන්තා නිලධාරීන්ට විවර වන්නේ නම් එම තනතුර දක්වා ඉහළට යෑමට හැකියාවක් ද ඇත. ඇය වයස අවුරුදු 60න් පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටින්නේ 2041 වසරේදීය.

ඇය රුහුණ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය (BSc) සහ විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (LLB) උපාධිය ලබා ඇත.

පොලිස් සේවයට එක්වීමෙන් අනතුරුව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරියක ලෙස සේවයේ නිරතව සිට ඇති ඉමේෂා මුතුමාල මහත්මිය පොලිස් නිශ්කාෂණ අංශයේත් කලක් සේවය කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශ අධීක්ෂණ නිලධාරිනිය ලෙස ද ඇය කලක් කටයුතු කර තිබුණාය. ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස පත්කරනු ලබන්නේ 2021 වසරේ ජූනි මාසයේදීය.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස පත් කර සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය පොලිස් මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස ද කලක් සේවයේ නිරතව සිටියාය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියාට හිමිවන්නේ පොලිස් මූලස්ථාන පරිපාලන අංශයේ අධ්‍යක්ෂ ධුරයයි.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලංකා රාජිනී වාර්තා කිහිපයකටම හිමිකම් කියන්නියකි.

ඒ අතර පළමු වාර්තාව වන්නේ ශ්‍රී ලංකා පොලීසියේ ස්ථිර සේවයට කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් බඳවාගත් පළමු කණ්ඩායමේ ඇය ද සාමාජිකාවක වීමය.

ඇය දිවයිනේ බොහෝ ප්‍රදේශවල උප පොලිස් පරීක්ෂිකාවක සහ පොලිස් පරීක්ෂිකාවක ලෙස සේවය කර ඇල්පිටිය, මීටියාගොඩ, බෙන්තොට, පේරාදෙණිය, අම්බලන්ගොඩ යන පොලිස් ස්ථානවල විවිධ පැමිණිලි අංශවලත් ළමා හා කාන්තා කාර්යාංශවලත් පරිපාලන අංශවලත් ස්ථානාධිපති ලෙස ද කටයුතු කර තිබේ.

පොලිස් පරීක්ෂිකාවක ලෙස මීටියාගොඩ පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයට මුහුණදෙමින් ඉහළින්ම සමත්ව ඇය 2008 වසරේ නොවැම්බර් 03 වැනිදා පොලිස් සේවයට නැවත එක්වන්නේ සහකාර පොලිස් අධිකාරීවරියක ලෙසිනි.

ඇය සමඟ එදා තවත් කාන්තා නිලධාරිනියන් දෙදෙනකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පොලිස් සේවයට එක්වන අතර ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පොලිස් සේවයේ නිරතව සිටියදීම ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක ලෙස පොලිස් සේවයට එක්වන පළමු කාන්තා නිලධාරීනිය වන්නේ ද ඇයයි.

ඇය සමඟ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියන් ලෙස පොලිස් සේවයට එක්වූ ඉමේෂා මුතුමාලි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය ලෙස වාර්තා පොත් අතරට එකතු වන විට එම කණ්ඩායමේම තවත් සාමාජිකාවක වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මදාරා ආරියසේන මහත්මියට හිමිව ඇත්තේ පොලිස් රෝහලේ අධ්‍යක්ෂ ධුරයයි.

පොලිස්පති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරමින් සිටි ඇය පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය ලෙස හඳුන්වන පොලිස් රෝහල භාර අධ්‍යක්ෂ ධුරයට පත්වන්නේ දෙවැනි වරටය. පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරිය ලෙස ඉතිහාසයේ පළමු වරට කාන්තා නිලධාරිනියක පත් වූයේ නම් ඒ ඇයයි.

පොලිස් රෝහලේ ඖෂධ මිල දී ගැනීමේ සිට බොහෝ කරුණු සම්බන්ධයෙන් පැවති දූෂණ වංචාවලට ඇය නැවතීමේ තිත තැබීමට කටයුතු කරමින් සිටියදී ඉහළ බලපෑමකින් එකල ඇයට ස්ථාන මාරුවීමක් ලැබුණේ පොලිස් මූලස්ථානයේ මුල්ලකට වීසිවෙමිනි. පොලිස් රෝහලේ සිදු වෙමින් තිබුණු වංචා දූෂණ මැඬලීමට ඇයට එකල ශක්තියක් වූයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාය.

ගයාන් කුමාර වීරසිංහ- දිනමිණ

SendShareShare
Previous Post

අලුත් ව්‍යවස්ථාවක් තුළින් දේශපාලන විසඳුමක්! උපරිම බලය බෙදීමක්! අතුරුදන්වූවන්! ඉඩම් ආරවුල්! හමුදාවෙන් ඉඩම් අත්පත් කරගෙන තිබීම! ත්‍රස්ත පනත! අනුරයි දෙමළ සන්ධානයයි කතා කරපු දේවල් මෙන්න! I Sri Lanka Latest News

Next Post

ෆේස්බුක් එකේ බොරු දැම්මා කියා පොහොට්ටුවේ මහලේකම් අත්අඩංගුවට ගනී!  I Sri Lanka Latest News

MORE NEWS

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News
Exclusive

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!
Exclusive

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

කප්පම් දෙන්න බෑ කිව්වාට වැඩ කරන සැලුන් එකට ඇවිත් අත කපලා... තරුණයෙකුට එල්ල වූ ප්‍රහාරයේ සියලු CCTV සාක්ෂි එළියට... Sri...

Read more
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.