එළැඹෙන තිස් වන දා ට පෙර රජයේ නිල නිවාස භාර දී ඉවත්ව නොගියහොත්, පැවති රජයේ නිල නිවාස ලබාගත් මැති ඇමතිවරුන්ට නඩු දමන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා හා කම්කරු අමාත්‍යංශයේ ලේකම් ඊයේ දිනයේ දී ලිඛිතව දැනුම් දී තිබේ. Sri Lanka Latest News
පැවති රජයේ මැතිඇමතිවරු 40 දෙනෙකු රජයේ නිල නිවාස ලබාගෙන තිබුණි.
එකී නිල නිවාස නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දී තිබුනද, මෙතෙක් නිල නිවාස භාර දී ඇත්තේ ඒ අතරෙන් 11 දෙනෙකු පමණක් බව වාර්තා වේ.
ඒ අනුව, නිල නිවාස භාර නොදුන් මැතිඇමතිවරු ගණන 29 කි.










