‘ගම සමග පිිළිසදරක්’ වැඩසටහන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරය කළ දෙවන ගම වන මාතලේ හිඹීයාකඩ ගම්මානය මේ වනවිට පූර්ණ වෙනසකට ලක් කිරීමට කටයුතු කොට තිබේ.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.
‘පසුගියදා මාතලේ හිඹිලියාකඩ ප්‍රදේශයේ සිඳුකරනු ලැබූ නිරීක්ෂණ චාරිකාවේදී ගම්වැසියන් විසින් මා වෙත ඉදිරිපත් කරන ලද ප්‍රධානතම ගැටළුව වූයේ පානීය සහ වගාව සඳහා අවශ්‍ය ජලය නොමැතිවීමයි. එහිදී ගම්මානයේ දැනට පවතින හිඹිලියාකඩ වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තීරණය වුනු අතර එම කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා අංශය විසින් භාරගන්නා ලදී. එමඟින් දැනට ප්‍රදේශවාසී ගොවි ජනතාවගේ වගා ජල හිඟයට යම්තාක් දුරට විසදුම් ලැබෙන අතර ඉදිරියේදී එම ප්‍රදේශයේ ජල ගැටළුවලට ස්ථිර විසඳුම් ලබා දීමට ශ්‍රී ලංකා ජල සම්පාදන මණ්ඩලය කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා ජල සම්පාදන මණ්ඩලය මඟින් පොරොන්දු වූ පරිදි ප්‍රදේශවාසීන්ගේ පානීය ජල ගැටළුවට පිළියම් ලෙස නල ලිං පහසුකමක් ස්ථාපනය කිරීමට කටයුතු කරන ලදී. මාතලේ හිඹිලියාකඩ ප්‍රදේශයේ වැසියන් ගතකරනු ලබන්නේ ඉතා දුෂ්කර දිවි පෙවතකි. වල් අලි, වලසුන් වැනි වනසතුන් බහුල මාර්ගයක උදේ සවස පාසැල් යන දරුවන්ගේ සහ දෙමාපියන්ගේ එකම ඉල්ලීම වූයේ පොදු ප්‍රවාහන බස් රථයකි. එම ඉල්ලීම ඉටුකරමින් ජාතික ගමනාගමන මණ්ඩලය විසින් හිඹිලියාකඩ ග්‍රාමය දක්වා දිවෙන බස් රථ සේවාවක් ආරම්භ කළේය. එම වැඩකටයුතු සිඳුකරනු ලබන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් පහත දක්වා ඇත.