හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගෙන පසුව මුදාහැරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 60 ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.
මුදල් විශුද්ධිකරණය සහ ත‍්‍රස්ත ක‍්‍රියාවලට මුදල් සැපයීමට අදාළ පනත් යටතේ රියාජ් බදියුදීන්ට එරෙහිව විමර්ශන සිදුකරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරිණ.
ඉකුත් අපේ‍්‍රල් 14 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රියාජ් බදියුදීන් පුත්තලමේදී අත්අඩංගුවට ගැනුණු අතර ඔහුට එරෙහිව සාක්ෂි නැතැයි පවසමින් ඉකුත් සැප්තැම්බර් 29 වනදා ඔහුව නිදහස් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණ.