යුක්තිය මෙහෙයුම යටතේ අද (31) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 499 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 230දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය.
මෙහෙයුම්වලදී හෙරොයින් ග්‍රෑම් 146ක්, අයිස් ග්‍රෑම් 119ක් ඇතුළු මත්ද්‍රව්‍ය එහිදී ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 04 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.
අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 230දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 19 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු ලැබූ 204 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.










