සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (25) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු කොළඹ දිස්ත්‍රීක් සංවිධායක චරිත් අබේසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය,Sri Lanka Latest News
‘‘ආණ්ඩු බලය පමණක් ප්‍රමාණවත් නැහැ , රාජ්‍ය බලයද ලබාගත යුතු බව මැතිවරණ ජයග්‍රහනයෙන් පසු ඇමැති ලාල් කාන්ත සහ ටිල්වින් සිල්වා ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම පසුගිය කාලය පුරවාට ඔවුන් රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලනිකරණය වීම පිළිබඳව විවිධ විවේඡන එල්ල කරමින් සිටියා. එම විවේඡන සියල්ල පසෙක දමා රාජ්‍ය පරිපාලන සේවයට පයින් ගසා ජනාධිපතිවරයාගේ විශ්ව විද්‍යාල සගයා වන නන්දික සනත් කුමාර මහතාව ජනාධිපති ලේකම් ලෙස පත්කරනු ලැබුවා. ඉන්පසුව විගණකාධිපති ධුරයට ජනාධිපතිවරයාගේ විශ්ව විද්‍යාල සගයෙක් වන එච් ටී පී චන්දන මහතාව පත් කරන්න දැඩි උත්සාහයක් ගනු ලැබුවා. ඒ වගේම සම්මුඛ පරික්ෂණයෙන් තුන්වැනි ස්ථානයට ලකුණු තිබුණු අයි එම් කරුණාතිලක මහතාව කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණා. ඒ වගේම රුහුණු විශ්ව විශ්ව විද්‍යාලයේ සුජිව අමරසේන මහතා තමයි එම විශ්ව විද්‍යාලයේ නවක වදය නැති කරන්න දැඩි උත්සාහයක් ගෙන තිබුණේ. ඔහුව එම තනතුරින් ඉවත් කරලා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් වන පී ඒ ජයන්ත මහතාව පත් කරන්න ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. ඒ වගේම මහජන ආරක්ෂණ අමාත්‍යාංශයට ජාතික ජනබලවේගයේ මැතිවරණ වේදිකාවේ කතිකයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් ලේකම්වරයා ලෙසත් ජාතික ජනබලවේගයේ මැතිවරණ වේදිකාවේ කතිකයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුරකටත් පත් කරනු ලැබුවා. කෙසේ නමුත් එම පුද්ගලයන්ගේ සුදුසුකම් පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නෑ. නමුත් නිර්දේශපාලනිකරණය කරන බව කියු පොලිසිය අද දේශපාලනිකරණයට ලක්වී තිබෙනවා. ඒ වගේම ප්‍රජා පොලිස් සේවාව සඳහාත් ජාතික ජනබලවේගයේ පිරිස් බඳවාගනිමින් තිබෙන බව වාර්තා වෙනවා.
ඒ වගේම හමුදාවෙන් විශ්‍රාම ගිය 20,000 ක් පොලිසියට බඳවාගන්න බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා. එහිදීත් ජාතික ජනබලවේගයේ ජයග්‍රහනය වෙනුවෙන් උදව් කළ විශ්‍රාමික හමුදා නිලධාරින් නැවත බදවා ගැනිමක් තමයි සිද්ධ කරන්න යන්නේ. ඒ වගේම ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා මුදල් අමාත්‍යාංශය පාලනය වන්නේ නෙලුම් මාවතෙන් කියලා. නමුත් අදවනවිට මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස හිටපු නියෝජ්‍ය ඇමැති හර්ෂණ සුරියප්පෙරුම මහතාව පත් කර තිබෙනවා. කෙසේ නමුත් මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණෙන් වැටුප් ලබන පුද්ගලයෙකු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කරන්න රජය කටයුතු කර තිබෙනවා. ඒ වගේම විගණකාධිපති ධුරයට පත් කිරිමට සුදුසුකම් තිබෙන පිරිස් සිටියදී ජනාධිපතිගේ හිතවතෙකු පත් කිරිමට ගත් උත්සාය ව්‍යවස්ථාදායක සභාව විසින් නැති කර දමා තිබෙනවා. ආණ්ඩුවේ දේශපාලනමය කටයුතු නිසා රටේ අදටත් විගණකාධිපතිධුරය හිස්ව පවතිනවා. ඒ වගේම කිසිදු අයෙක් පත්විම් ගැනිමට දේශපාලඥයින් පසුපස යා යුතු නැති බව ජාතික ජනබලවේගය බලයට පැමිණිමට පෙර ප්‍රකාශ කළා. ඔවුන්ගෙ ආණ්ඩුවක් යටතේ සුදුස්සාට සුදුසු තැන හිමිවන බව ඔවුන් ප්‍රකාශ කළා. නමුත් රටේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය , මුදල් අමාත්‍යාංශය දක්වා විහිදුන නතතුරු වලට රාජ්‍ය බලය ලබාගැනිමට ආණ්ඩුව ඔවුන්ගේ පුද්ගයන් පත්කරමින් තිබෙනවා. ඒ වගේම ජාතික ජනබලවේගය දේශනා කළ ධර්මයට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් තමයි බලය ලබාගැනිමට පසු ඔවුන් අනුගමනය කරන්නේ. ඒ වගේම ජාතික ජනබලවේගය වෙනස් කරන බව කියු දේශපාලන සංස්කෘතියද මේ වනවිට රටේ ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි ජාතික ජනබලවේගයෙන් අහනවා.
ඒ වගේම රට භාරගත් පසු රජයේ උසස් නිලතලවලට පත්කරන පුද්ගලයන් පිළිබඳව ජාතික ජනබලවේගයට සැලැස්මක් නොතිබුන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණය ඉදිරියට ගෙන යාමට සුදුසු චරිත වර්තමාන ආණ්ඩුව හඳුනාගෙන නෑ. ඒ වගේම රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු පත්කිරිමට ව්‍යාපාරිකයන්ගෙන් උපදෙස් ගන්න අද ආණ්ඩුවට සිදු වෙලා තිබෙනවා. ඒ වගේම රටේ සෑම රාජ්‍ය ආයතනයක් තුළමට ජානාධිපතිවරයාගේ ගජමිතුරන් පත් කිරීමේ ව්‍යාපෘතියකද ආණ්ඩුව මේ වනවිට නිරත වෙනවා. ඒ වගේම බලය රැක ගැනිම සඳහා ජාතික ජනබලවේගයට විවේඡන එල්ල කළ පුද්ගලයන් පවා මුණ ගැසිමට පාරිශුද්ධ දේශපාලනයක් අනුගමනය කරන බව කියු ජාතික ජනබලවේගයට අද සිදුවෙලා තිබෙනවා.‘‘










