නිරෝධායන ඇඳිරිනීතිය නිසා ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට රුපියල් 2,000සේ දීමනාව ලබා දීම අද (23) සිට ආරම්භ කිරීමට නියමිතය.
අදාළ දීමනාව ලබාදිය යුත්තේ රජයෙන් කිසිදු දීමනාවක් නොලබන පුද්ගලයන් වෙත බව සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ජනාධිපති කාර්ය සාධක බළකායෙන් යවන ලද ලිපියක සඳහන් වේ.
එම දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය ද ආර්ථික පුනර්ජීවනය හා ධරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ඊයේ (22) දිනයේ නිකුත් කොට ඇත.
රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි, සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික දීමනාලාභීන් මේ සඳහා සුදුසුකම් නොලබන බව චක්‍රලේඛයේ සඳහන් වේ.










