ජනතාවට දරා ගත නොහැකි ආකාරයෙන් විදුලි බිල ඉහළ දැමීමට අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊයේ දින කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළද ඊට අනුමැතිය හිමි වූයේ නැත.
විදුලි වෘත්තීය සමිති අවධාරණය කොට තිබුණේ විදුලි බල වැඩි කිරීමට තීරණය කළ මොහොතේ සිටම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්වලට අවතීර්ණ වීමට තීරණය කොට ඇති බවකි.










