• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රියමාලි ගහපු ගැහිල්ල කෝටි 200 පනී? නීතීඥයන්-දේශපාලකයන්-ව්‍යාපාරිකයන්-හිමිවරුන්-කලාකරුවන් කෝටි ගණන් සල්ලි දීලා! සල්ලි ඉල්ලද්දී නිළියන් යොදාගෙන අමුතු සෙල්ලමක් දාලා වීඩියෝ කර බ්ලැක්මේල් කරලා! CIDයේදී ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්!

October 8, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
දේශපාලකයන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් නළුවන්ගෙන් කෝටි ගණන් සල්ලි වංචා කළ සුරූපී කාන්තාවක් CIDයෙන් අල්ලයි! හිටපු ආණ්ඩුකාරවරයෙක්ගෙන් කෝටි 80ක් අරන්! ව්‍යාපාරිකයෙක් කෝටි 22ක් දීලා! දේශපාලන නළුවෙක් කෝටි හතහමාරක් දීලා!
Share on WhatsAppShare on Facebook

කොළඹ කොටුවේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ වෘත්තිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් ආයෝජන ලෙස මුදල් ගෙන කළ වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කාන්තාව සිය ආයෝජකයන්ට සුරූපී නිළියන් සහ නිරූපිකාවන් සමඟ කිට්ටු සම්බන්ධතා ඇති කර දෙමින් ඒවා වීඩියෝගත කර ඒවා ප්‍රසිද්ධ කරන බවට ආයෝජකයන් බියගන්වමින් මේ චංචාව කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇතැයි වැඩි දුර විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මේ කටයුත්තට ඇය විසින් යොදාගෙන ඇත්තේ ඇයට ඉතා විශ්ව­ාසවන්ත සහ සමීප නළු නිළියන් සහ නිරූපිකාවන් කිහිප දෙනකුවය. ඒ අය අතරින් 06 දෙනකු පැහැදිලිවම හඳුනා ගැනීමට මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත. ඔවුන්ගෙන් දෙදෙනෙක් ජනප්‍රිය නිළියන් දෙදෙනෙකි.

විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ මේ එක් ව්‍යාපාරිකයකු සමඟ ඉතා සමීපව ඇසුරු කරමින් ඒ අයගේ පෞද්ගලික ජීවිතය ගැන කථාබහ කරමින් ලිංගික ජීවිතය ගැනද කථාබහ කිරීම සඳහා මේ නිළියන් සහ නිරූපිකාවන්ට රුපියල් ලක්ෂ 5ත් 10ත් අතර මුදලක් දී ඇති බවය. ආයෝජකයන්ගේ හැගීම් අවුස්සා කරන මේ ක්‍රියාව ඇය විසින් පටිගත කරගෙන තබාගෙන ආයෝජකයන් සිය ආයෝජන මුදල් ඉල්ලා සිටින විට ඒවා පෙන්වා බිය ගන්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

ඇය මේ කටයුත්ත ඉතා සැලසුම් සහගතව කරගෙන ගොස් ඇති බවත් මේ හේතුව නිසා ඇගේ සමාගමේ මුදල් ආයෝජනය කළ විශාල පිරිසක් ඇයට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවන බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මෙසේ නිළියන් යොදාගෙන ඇය විසින් කළ සෙල්ලම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනම විමර්ශන කණ්ඩායමක් යොදා විමර්ශන ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එය තාක්ෂණය හා සම්බන්ධ මෙහෙයුමක් වනු ඇති බවද එම නිලධාරියා කීය. මේ කාන්තාව විසින් කිසිදු ව්‍යාපාරයක් පවත්වාගෙන නොයන බවත් ලියාපදිංචි කර ඇති ව්‍යාපාර 06ක් සමූහ ව්‍යාපාරයක් ලෙස පෙන්වමින් මුදල් ආයෝජන ගෙන සුරසැප විඳිමින් සිට ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඇගේ ව්‍යාපාර ගොන්න අතර ඉන්ධන සමාගමක්ද වන බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඇගේ මේ වංචාවට සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් හසුවී ඇති අතර, ඒ අතර වැඩි දෙනෙක්ම අප්‍රකට ව්‍යාපාරිකයන් බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. ඇය ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙදෙනක්ද ඉතා කිට්ටුවෙන් ඇසුරු කර ඇති බැවින් ඇයට ඒ අයගෙන් රැකවරණයද ලැබී තිබෙන බව පෙනී ගොස් ඇත. ව්‍යාපාරිකයන්ට අමතරව නීතිඥයන්, භික්ෂූන් වහන්සේ, කලාකරුවන්, දේශපාලනඥයකුද මේ කාන්තාවට හසුවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ ඇය විසින් කර ඇති වංචාවේ තරම රුපියල් කෝටි 100 ඉක්මවනු ඇති බව මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවය. ඇතැම් පුද්ගලයන් ආදායම් බදුවලට හසුවනු ඇතැයි බියෙන් පැමිණිලි කිරීමට මැළිකමක් දක්වා ඇති බවත් පැමිණිලි කර ඇති අයගෙන් ඇතැම් අය අඩු අගයක් සඳහන් කරමින් පැමිණිලි කර ඇති බවත් එම නිලධාරියා කීය. රුපියල් කෝටි 80ක් මේ කාන්තාව ළඟ ආයෝජනය කළ දේශපාලනඥයෙක් පැමිණිලි කර ඇත්තේ රුපියල් කෝටි 10ක මුදලක් ගැන පමණක් බවද අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් තිබේ.

මේ කාන්තාව ළඟ රුපියල් කෝටි 15ක මුදලක් ආයෝජනය කර ඇති කලාකරුවෙක් මෙන්ම දේශපාලනයේ නිරතව සිටින ප්‍රබල චරිතයක්ද සිටින බවත් ඔහු ඉදිරි දිනක අපරාධ පරීක්ෂණ දෙපර්තමේතුවට පැමිණිලි කිරීමේ සූදානමින් සිටින බවද සඳහන්ය.

ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත් වීමත් සමඟ ඇගේ වංචාවට හසුවූ විශාල පිරිසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුරකතන ඇමතුම් ගලා එන බවද ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ අයද ඇයට එරෙහිව පැමිණිලි කළහොත් ඇය විසින් කළ වංචාවේ ප්‍රමාණය රුපියල් කෝටි 200 ඉක්මවා යනු ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ කාන්තාව මෙවන් වංචා කිරීම් සම්බන්ධයෙන් මෙයට පෙර අවස්ථා 07කදී අත්අඩංගුවට ගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව පසුගිය 05 දා අත්අඩංගුවට ගැනීමට පෙර මේ වසරේදීම ජූලි මාසයේදී මීගමුව පොලිසිය මඟින්ද ඇයව අත්අඩංගුවට ගෙන තිබේ. 2017 වසරේදී ඇයව කුරුඳුවත්ත පොලිසියත් 2018 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා දෙකකදීත් මිරිහාන පොලිසියට එක් වතාවකදීත් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සියලු අත්අඩංගුවට ගැනීම් කර ඇත්තේ මුදල් වංචා කිරීම් සම්බන්ධයෙනි. ඇය වෘත්තියක් ලෙස මුදල් වංචාවේ නිරතව සිටින බවත් ඇගේ සුරූපී බව මෙවලමක් කර ගනිමින් ප්‍රභූවරුන්ට සමීප වෙමින් මේ ජාවාරම කරගෙන ගොස් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් තිබේ. -දිනමිණ

SendShareShare
Previous Post

අගමැතිකමෙන් ඉල්ලා අස්වී ගෙදර ගිය මහින්ද අද පළමුවරට එළියට එයි! මුල්ම දේශපාලන රැස්වීම රෝහිත කළුතරින් පටන් ගනී!

Next Post

ජාතික සභාවේ රටේ ප්‍රතිපත්ති හදන කමිටුවේ සභාපතිකම නාමල්ට බාර දෙයි!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.