20 වන සංශෝධනය සකස් කිරීම සදහා කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය පියවර ගෙන ඇත.
අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් එම මහත්වරු වෙති.
19 වන සංශෝධනය අහෝසි කොට 20 වැනි සංශෝධනය ගෙන ඒමට ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව තීන්දු වී තිබිණ.








