රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉවත් වීමට පියවර ගැනීමත් සමග ඒ සදහා නම් 2ක් මේ වනවිට යෝජනා වී ඇති බව වාර්තා වේ.
ඒ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම සහ ඩිලාන් පෙරේරා මහතාගේ නමය.
මෙහිදී නම් දෙකක් ඉදිරිපත්ව ඇති බැවින් බොහෝ දුරට බදාදා දිනයේදී පාර්ලිමේන්තුවේ රහස් ජන්දයක් පැවැත්වීමට සිදු වනු ඇත.
එසේ වුවහොත් විපක්ෂය දැනටමත් තීන්දු කොට ඇත්තේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට සහාය දැක්වීමටය.
ඒ අනුව එහි ප්‍රතිපලය මත කතානායකවරයාට එරෙහිවද විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කොට ඇති බව වාර්තා වේ.










