පසුගිය 2022 වසරේ දී භික්ෂූන් වහන්සේ එක්දහස් අටසිය අනූ දෙනෙක් උපැවදි වී ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ.Sri Lanka Latest News
1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 41 වැනි වගන්තිය අනුව සාමණේර උපසම්පදා ස්වාමීන්වහන්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරයි.
ඒ අනුව 2022 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලයේ දී සාමණේර ස්වාමින් වහන්සේ 3286ක් ලියාපිදිංචි කර ඇත. උපසම්පදා ස්වාමින් වහන්සේ 1831ක් ද භික්ෂු හැඳුනුම්පත් 154ක් ද නිකුත් කර ඇත. එමෙන්ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව භික්ෂුන්වහන්සේ 1890 දෙනකු සඳහා උපැවැදි සහතික නිකුත් කර තිබේ.
බෞද්ධ විහාර දේවාලගම් පනතට අනුව පැවැදි දිවියට ඇතුළත් වන සහ උපසම්පදාව ලබන සියලු භික්ෂුන්වහන්සේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය. එම ආඥා පනත බලාත්මක වූ දින සිට පසුගිය වසරේ දෙසැම්බර් 31 දක්වා සාමණේර ලේඛන එක්ලක්ෂ දහසයදහස් දෙසීය අසූහයක් (116286) ද උපසම්පදා ලේඛන පනස් නවදහස් හයසිය අසූ පහක්ද (59685) ලියාපදිංචි කර ඇත.










