මෙරටින් තවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වු ආසාදිතයින් 160ක් හමුවී ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා , ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කරයි.
සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයෙන් එම ආසාදිතයින් හමුවී ඇති බව ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටියේය.
” අපගේ පර්යේෂණාගාරයේ දී කොවිඩ් ආසාදිත රෝගීන් 182 දෙනෙකුගේ සාම්පල් පරීක්ෂණ සිදුකළා. එහිදී අපට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 160 දෙනෙකු හඳුනා ගැනීමට හැකිවූවා. මෙම ආසාදිතයින් ගෙන් බහුතරයක් කටුනායක ගුවන් තොටුපොළ හරහා විදේශ ගත වීමට පැමිණි පුද්ගලයින්. ඔවුන් කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්කවල පදිංචි පුද්ගලයින් බවට හඳුනා ගෙන තිබෙනවා.” යැයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කළේය.










