පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.Sri Lanka Latest News
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබාදුන් ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105කට සහ පොලිස් පරීක්ෂකවරුන් 34 දෙනෙකු ඒ අතර වෙයි.
මෙම ස්ථාන මාරුවීම් පෙබරවාරි මස 13 වනදා සිට සහ 18 වනදා සිට ක්‍රියාත්මකවීමට නියමිතය.
විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ස්ථානාධිපතිවරුන් රැසක්ම සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා ඇත.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය අනුව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත.










