• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිටරට ඉන්න මහකුඩ්ඩන්ගේ කෝටි 13ක දේපොළ හොයාගනී! යුක්තිය පස්වන දින මෙහෙයුමේදී පොලිසිය- STF එක-යුද හමුදාව හොයාගත් දේවල් මෙන්න! I Sri Lanka Latest News

December 23, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
පැය 24ම වැඩකරන තැපැල් කන්තෝරු 13ක් පිහිටුවයි! දඩ කොල ගෙවන්න දැන් රෑටත් පුළුවන්ලු! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදෙස්ගතව සිටින තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ රුපියල් කෝටි 13කට අධික දේපළ අනාවරණ කරගන්නට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය අද සමත්වුණි.Sri Lanka Latest News

ඒ “යුක්තිය” මෙහෙයුම ක්‍රියාත්මක වූ පස්වන දිනයේදීය.

ඒ අනුව අද අලුයම කොළඹ උතුර කොට්ඨාසයේ මෝදර පොලිස් බලප්‍රදේශය තුළ විශේෂ මෙහෙයුමක් දියත් කෙරුණි.

ඊට පොලිස් නිලධාරින් 66 ක්, විශේෂ කාර්ය බළකා නිලධාරීන් 06ක් හා යුද හමුදා නිලධාරීන් 54 දෙනෙක් එක්ව සිටියහ.

මෙහිදී හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 10 දෙනෙකු හා සැකපිට තවත් 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණි.

එමෙන්ම තරුණයින් දෙදෙනෙකු පුනරුත්ථාපනයට යොමු කිරීමටද කටයුතු කෙරුණි.

ඊයේ අලුයම කුරුඳුවත්ත ටොරින්ටන් හැටේවත්ත සහ බෞද්ධාලෝක මාවතේ පිඩලිවත්ත ප්‍රදේශවලද මෙහෙයුමක් දියත් කෙරුණි.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 26කි.

ඒ අතර වාලම්පුරි 2ක් සමග එක් පුද්ගලයෙක්, හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙක්, අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙක් හා ගංජා සමග 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකාය හා ඒකාබද්ධව කොළඹ ජම්පටා වීදිය සහ රත්නම්පාර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකු වෙරෙළබඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි මවක් සහ ඇගේ පුත්‍රයා, හෙරොයින් ග්‍රෑම්15ක්, ජාවාරමෙන් උපයාගත් ලක්ෂ තුනකට අධික මුදල් සහ තියුණු ආයුධ කිහිපක්ද සමගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර යුක්තිය මෙහෙයුමේ අනෙක් පියවරක් ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව පාසල් හා උපකාරක පන්ති අවට මීටර් 500ක් දුර ඇති වෙළෙඳසැල් හා ඖෂධ හල් පරික්ෂා කිරීම අද ආරම්භවුණි.

ඒ අනුව අද ප්‍රදේශ කිහිපයකම එම වැටලීම් ක්‍රියාත්මක වු අතර ජනතාව දැනුවත් කිරීමට ද පොලීසිය කටයුතු කළේය.

මෙවන් පසුබිමක මාතලේ පොලීසියට ලැබුණු තොරතුරක් මත මාතලේ කිරිමැටියාව ප්‍රදේශයේ පාසලකට යාබඳ නිවසක් පොලිසිය හා යුද හමුදාව එක්ව අද පරීක්ෂාවට ලක් කළේය.

එහි තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5567ක් සොයාගැනුණි.

නිවසේ සිටි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර විදෙස්ගතව සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන සුරංජ සංජය විදාණපතිරන සහ ඔහුගේ සහෝදරයා වන සුරේන් මදුරංග විදාණපතිරන යන සැකකරුවන්ට අයත් රුපියල් කෝටි 13කට අධික දේපළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය විසින් තහනම් කරනු ලැබීය.

එම සැකකරුවන්ට අයත් තහනමට ලක්කළ දේපළ අතර රුපියල් ලක්ෂ 70ක බහුදින යාත්‍රාවක්, KDH වර්ගයේ වෑන් රථයක් CHR වර්ගයේ මෝටර් රථයක්, WAGON R වර්ගයේ මෝටර් රථයක් හික්කඩුවේ පිහිටි තට්ටු 03ක ගොඩනැගිල්ලක්, මහමෝදර පාලම අසල මහල් 4ක සහ මහල් 3ක නවාතැන්පොළවල් දෙකක් සහ ඉඩම් 2ක් වේ.

එමෙන්ම සුරංජ සංජය විදාණපතිරන නැමති සැකකරුගේ බිරිඳගේ නිවුන් සහෝදරියගේ සන්තකයේ තිබූ රත්‍රං පවුම් 30ක්ද එම නිලධාරීන් සිය භාරයට ගෙන තිබුණි.

මහමෝදර, හීනැටිගල, හික්කඩුව සහ හබරාදූව යන ප්‍රදේශවලදී මෙම වැටලීම් සිදුකර තිබූ අතර එය නිරීක්ෂණයට ‍වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ඉන්දියාවේ අලුත් කොරෝනා ප්‍රභේදය ලෝකෙ වටේ හෝ ගාලා යනවා! ලංකාවටත් දැනටම ඇවිත්! බේරෙන්න නම් මෙන්න කරන්න ඕන දේ! I Sri Lanka Latest News

Next Post

වංචාකාර විදේශ රැකියා සුනාමියකට අපේ තරුණ තරුණියන් අහුවෙලා! අනාගතය ගැන බලාපොරොත්තුවක් නැති නිසා තරුණ තරුණියන් අපේ රටටත් වඩා දුප්පත් රටවල්වල රස්සාවට යනවා! එහෙම ගිය අපේ 56 දෙනෙක් මියන්මාර ත්‍රස්තවාදීන් අල්ලාගෙන! මොකද්ද මේ රටට ‌මේ පාලකයන් කළේ? ගොන්සාල්වෙස් දරුවන්ට 56 වන ස්මාර්ට් පන්ති කාමරය පිරිනමමින් විපක්ෂනායක ප්‍රශ්න කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයන් විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ රැස්වීමකට එක්වීමට...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.