13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුවට එරෙහිව අද දින පාර්ලිමේන්තු වටරවුමේ පැවැති භික්ෂු විරෝධතාවයේදී බලංගොඩ කස්සප හිමියන් පාර්ලිමේන්තු පාරේ බිම අසුන් ගෙන විරෝධය පළ කරද්දී පොලිසිය පැමිණ උන්වහන්සේ ඔසවාගෙන ගොස් පොලිස් ජිප්රථයට නංවාගන්නා ආකාරයක් දැකගන්නට ලැබිණ.










