ජීවන වියදම වත්මන් ආණ්ඩුව යටතේ ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබියදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත්, ඊට කිසිසේත්ම සමගි ජන බලවේගය ඉඩ නොතබන බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එස් එම්. මරික්කාර් මහතා සදහන් කර සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාව හරහාත්, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ ලිපිය හරහාත් මෙවැනි සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වන බවකි.
ඊට කිසිසේත්ම ඉඩ නොතබන බව කී මන්ත්‍රීවරයා අවශ්‍ය නම් මන්ත්‍රීවරුන්ගේ වැටුප් කප්පාදු කරන ලෙසද ඉල්ලා සිටියේය.










