ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 118ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙය වේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ දිනයේදී මියගිය පිරිස අතර පුරුෂයින් 79ක් සහ කාන්තාවන් 39ක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කළ වාර්තා වේ දැක්වේ.
වයස අවුරුදු 30-59ත් අතර වියේ පසුවන පුද්ගලයින් 17ක් සහ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 101 දෙනෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්වූ පිරිස අතර වෙති.










