ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකාව ආර්ථික, සමාජයීය යන සියලු අංශයන්ගෙන් දැඩි පරිහානියකට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
දරුවන්ගෙන් 10%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන තත්ත්වයක් සහ කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් බවට පත්වීමේ වැඩි ප්‍රවනතාවකුත් මෙම ආර්ථික අර්බුදය හමුවේ රට තුළ නිර්මාණය වී ඇති බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.










