• About us
  • Contact us
Wednesday, June 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 අනුර රත්මලානට ඇවිත් බාරගත්තා! PHOTOS I Sri Lanka Latest News

June 24, 2026
in Exclusive
Reading Time: 23 mins read
A A
ඇමරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 අනුර රත්මලානට ඇවිත් බාරගත්තා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඇමරිකා එක්සත් ජනපද රජය විසින් පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10, නිල වශයෙන් භාර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී සිදුවිණි.Sri Lanka Latest News

අද (23) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි ජනාධිපතිවරයා ගුවන් හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණි.

අනතුරුව හෙලිකොප්ටර් යානා නිරීක්ෂණය සඳහාද ජනාධිපතිවරයා එක් වූ අතර කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

මෙහිදී ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබීමද සිදු කෙරුණු අතර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ ඇමරිකානු පැසිෆික් ගුවන් හමුදා ආඥාපති ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් (General Kevin Schneider) යන මහත්වරුන් විසින් ඊට අත්සන් තැබිණි.

මෙම TH-57 ‘සී රේන්ජර්’ යානා සතු බහුකාර්ය හැකියාවන් හේතුවෙන් ඉදිරියේදී ඒවා ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ මෙහෙයුම් සඳහා යොදවා ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම යානා මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමු පුහුණු ධාරිතාව සහ ගුවන් මෙහෙයුම් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම TH-57 බළඇණිය මගින් ආපදා සහන සේවා, සෙවීම් සහ මුදාගැනීම් මෙන්ම හදිසි මහජන සේවා කටයුතු සඳහා ද විශාල සහායක් හිමි වේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ගුවන් කාර්ය මණ්ඩල පුහුණු කිරීමද මෙමඟින් සිදු කෙරෙන අතර, එය ගෝලීය සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇත.

ඇමරිකාවේ සිට විශේෂ භාණ්ඩ ප්‍රවාහන පහසුකම් ඔස්සේ 2026 ජූනි 01වන දින ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම යානා, රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් ඉංජිනේරු අංශයේදී එකලස් කෙරුණු අතර, ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් සීමාවට සහ දේශගුණයට ගැළපෙන පරිදි සිදු කෙරෙන සියලුම තාක්ෂණික පරීක්ෂණ සහ අත්හදා බැලීමේ පියාසැරිය අවසන් කිරීමෙන් පසුව නිල මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නියෝජනය කරමින්, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් Paul Kapur, ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති Jayne Howell සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී මෙන්ම ආරක්ෂක උපදේශක ලෙෆ්ටිනන්ට් කර්නල් Matthew House යන මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-06-23

SendShareShare
Previous Post

අනුර මැයි 25 වැනිදා අත්පුඩි ගහන්න බලන් ඉන්න කිව්වේ සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි වැරදිකාරයා කරපු නඩුව ගැනද? VIDEO I Sri Lanka Latest News

Next Post

එල්-නිනෝවේදී මතුවෙන්න පුළුවන් ප්‍රශ්නවලට විසඳුම් හොයන වැඩේ අනුර ලාල්කාන්තලාට-නාමල් කරුණාරත්නලාට-සමන්ත විද්‍යාරත්නලාට බාරදෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ජවිපෙ සාමාජිකයන් දැන් ගම්වල තියෙන උද්ඝෝෂණ මැද්දට පැනලා ‘තග’ දාන්න පටන් අරන්ද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී ලංකාවේ පෙළපොත්වලට අසභ්‍ය වෙබ් අඩවිවල නම් ඇතුළු වෙද්දී චීනය දැවැන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අත ගැහුවේ මෙහෙමයි! පරණ උපාධි පාඨමාලා 12000ක් නවත්වයි! කෘත්‍රිම බුද්ධිය-දත්ත විද්‍යාව-ගුවන් තාක්ෂණය පාසල් ඇතුළට අරන් එයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ වැඩ නිසා ගොවියො ගොවිතැන අතහැරලා කසිප්පු පෙරන්න ගනියිද? VIDEO I Sri Lanka Latest News

විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
Exclusive

ජනතාව වෙනුවෙන් අරන් ගිය විපක්ෂයේ විරෝධය වැඩකරයි! වැට් බද්දේ වාර්ෂික පිරිවැටුම් බදු සීමාව පහළ දැමීමේ යෝජනාව ආණ්ඩුව රිවස් කරගනී! I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට වැලිකඩ හිරගෙදර ඇතුළෙදි මරු වැඩක් දීලා! I Sri Lanka Latest News

තෙල්දෙණියේදී කාන්තාවක් මරා කාර් එකක තැබූ සිද්ධියේ සැකකරු බිරියත් එක්ක යාපනේ බස් එකෙන් බහිද්දීම අල්ලයි! I Sri Lanka Latest News

Load More
ජවිපෙ සාමාජිකයන් දැන් ගම්වල තියෙන උද්ඝෝෂණ මැද්දට පැනලා ‘තග’ දාන්න පටන් අරන්ද? VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ සාමාජිකයන් දැන් ගම්වල තියෙන උද්ඝෝෂණ මැද්දට පැනලා ‘තග’ දාන්න පටන් අරන්ද? VIDEO I Sri Lanka Latest News

මාලිමාවෙන් දාපු තග! - මැදවච්චියේ ගම්වාසීන්ගේ විරෝධය උණුසුම් I Sri Lanka Latest News

Read more
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී ලංකාවේ පෙළපොත්වලට අසභ්‍ය වෙබ් අඩවිවල නම් ඇතුළු වෙද්දී චීනය දැවැන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අත ගැහුවේ මෙහෙමයි! පරණ උපාධි පාඨමාලා 12000ක් නවත්වයි! කෘත්‍රිම බුද්ධිය-දත්ත විද්‍යාව-ගුවන් තාක්ෂණය පාසල් ඇතුළට අරන් එයි! VIDEO I Sri Lanka Latest News

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී ලංකාවේ පෙළපොත්වලට අසභ්‍ය වෙබ් අඩවිවල නම් ඇතුළු වෙද්දී චීනය දැවැන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අත ගැහුවේ මෙහෙමයි! පරණ උපාධි පාඨමාලා 12000ක් නවත්වයි! කෘත්‍රිම බුද්ධිය-දත්ත විද්‍යාව-ගුවන් තාක්ෂණය පාසල් ඇතුළට අරන් එයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ වැඩ නිසා ගොවියො ගොවිතැන අතහැරලා කසිප්පු පෙරන්න ගනියිද? VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ වැඩ නිසා ගොවියො ගොවිතැන අතහැරලා කසිප්පු පෙරන්න ගනියිද? VIDEO I Sri Lanka Latest News

විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!

ජනතාව වෙනුවෙන් අරන් ගිය විපක්ෂයේ විරෝධය වැඩකරයි! වැට් බද්දේ වාර්ෂික පිරිවැටුම් බදු සීමාව පහළ දැමීමේ යෝජනාව ආණ්ඩුව රිවස් කරගනී! I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට වැලිකඩ හිරගෙදර ඇතුළෙදි මරු වැඩක් දීලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper