තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති, මියගිය කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ යාපනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News
ඊයේ (23) අදාළ සැකකරුවන් වැල්ලවත්තේ සිට යාපනය දක්වා බසයෙන් ගමන් කරමින් සිටියදී ලද තොරතුරක් මත යාපනය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන්ව යාපනය ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගත් බව නුවරඑළිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නියමිතය.










