අත්අඩංගුවට පත් පලෙයි දොස්තරවරයාගෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමක් පිළිබදව තොරතුරු හෙළිවී ඇතැයි යනුවෙන් අසත්‍ය පුවත් දිගින් දිගටම පළ කළ දිවයින -මව්බිම පුවත්පත්වල මාධ්‍යවේදීන් කැදවා ප්‍රශ්න කිරීමට පසුගිය සතියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කටයුතු කොට ඇත.
පලෙයි දොස්තරවරයා එවැනි ආකාරයේ කිසිදු ප්‍රකාශයක් ලබා දී නොමැති පසුබිමක මෙම පුවත්පත් දෙකේ මාධ්‍යවේදීන් දෙදෙනකු එවැනි ඝාතන කුමන්ත්‍රණයක් ඇති බවට දිගින් දිගටම අසත්‍ය පුවත් පළ කිරීම මෙම කැදවීමට හේතු වී තිබේ.
කෙසේවෙතත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම් හමුවේ තෙවැනි පාර්ශ්වයක් හරහා ලද තොරතුරු මත තහවුරු කර ගැනීමකින් තොරව එම පුවත ලියූ බව ප්‍රකාශ කොට ඇති මව්බිම මාධ්‍යවේදියා ඊට සමාව ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත.
එමෙන්ම දිවයින මාධ්‍යවේදියා තමන් එවැන්නක් නොලියූ බවත්, ඒ සම්බන්ධයෙන් කර්තෘවරයාගෙන් විමසා දැනගන්නා ලෙසත් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මව්බිම හා දිවයින පුවත්පත් දෙකේ සහ මෙවැනිම අසත්‍ය පුවතක් පළ කර තිබූ අරුණ පුවත්පතේ කර්තෘවරුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැදවීමට එහි නිලධාරීන් තීන්දු කර ඇත.