සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ සංචාරක හෝටල් 10-12ක් පමණ දිගින් දිගටම පාඩු ලබන බැවින් වසා දැමීමට බලා සිටින අවස්ථාවක සිදුකරන ලද විදුලි බිල ඉහළ දැමීම “සියදිවි නසාගැනීමක්” බව ශ්‍රී ලංකාවේ හෝටල් හිමියෝ පෙන්වා දෙති.
හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති එම්. ශාන්තිකුමාර් පැවසූයේ “සෑම හෝටලයක්ම රුපියල් මිලියන 300-400 කින් පාඩු ලබනවා. මේ විදුලි බිල වැඩි කිරීමෙන් සමහරු බේරෙයි. සමහරක් වහලා දායි’ යනුවෙනි.
නමුත් කර්මාන්තය දිගටම කරගෙන යාමට හැකි බව සහතික කිරීම සඳහා ප්‍රවර්ධන ව්‍යාපාරවල නිරත වන ලෙස බලධාරීන්ට බලපෑම් කිරීම සහ ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරය සඳහා අවධාරනය කිරීම හැර වෙනත් විකල්පයක් කර්මාන්තයට නොමැති බව හෙතෙම පෙන්වා දුන්නේය.
“අපට (රජයෙන්) කිසිදු සහයෝගයක් ලැබුණෙ නෑ. ඒ නිසා අප මීළඟට කුමක් කළ යුතු දැයි කල්පනා කරමින් ඉන්නවා,” ඔහු පැවසීය.