පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතෙක් දිනක් තුළ සංශෝධනයට ඉදිරිපත් කරනු ලබන වැඩිම පනත් ගණන හෙට (05) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනයේදී පනත් 8ක් සංශෝධන සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇති බව පැවසේ.
සමාජයේ පැවැත්මට අතිශය තීරණාත්මක පනත් වන සාක්ෂි ආඥා පනත, ඇප පනත, දණ්ඩ නීති සංග්‍රහය, කාර්යාල සහ සාප්පු පනත, කර්මාන්ත ශාලා පනත, ළමුන් සේවයේ යෙදවීමේ පනත, අවම වැටුප් පනත ආදී වශයෙන් පනත් වූ 8 ක් මෙසේ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බව දැනගන්නට ඇත.










