කොළඹ හිල්ටන් හෝටලයේ සේවය කරනු ලබන සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම හෝටලයේ සේවා කටයුතු නවතා ඇති බව ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
හිල්ටන් හෝටලයෙන් සිදුකළ විමසීමකදී ඔවුන් දැනුම් දී තිබෙන්නේ ඔවුන් හෝටලයේ සේවා කටයුතු ඊයේ දිනයේ සිට අත්හිටුවා ඇති බවයි.
එමෙන්ම කොළඹ නගර සභාවේ සෞඛ්‍ය අංශ සඳහන් කර තිබෙන්නේ එම හෝටලයට ආසන්නව කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී ඇති බවයි.
කෙසේ වුවත් එම ආසාදිතයා හෝටල් පරිශ්‍රය තුලින් වාර්තා වූ බවට කොළඹ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරින් තහවුරු කර නොමැති අතර මේ වන විටත් ඉදිරි විමර්ශන සිදුකරමින් පවතී.










