එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට හිතවත් පුද්ගලයින් දෙදෙනෙකු ඔසවා තැබීම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨයන්ට අසාධාරණ සිදුකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා මෙහිදී චෝදනා කර ඇත.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු මෙම කරුණු හෙළිකරනු ලැබ ඇතී අතර දැනට එක්සත් ජාතික පක්ෂ මහලේකම්, උප නායක සහ සභාපති තනතුරු රනිල් වික්‍රමසිංහ මහතාගේ තනි කැමැත්තට පත් කර ඇති බවද පවසා ඇත.
.
අදාල තනතුරු සඳහා ඡන්දයක් පැවැත්වුවා නම් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් බහුතරයක් අදාළ පත් කිරීම් සඳහා එකඟ නොවනු ඇති බවද ඔහු සඳහන් කරයි. .
බල තණ්හාව නිසා පක්ෂය බදාගෙන සිටීම හේතුවෙන් සිදුවන්නේ පක්ෂය දියවී යාම පමණක් බවද ඔහු සදහන් කළේ රාජපක්ෂ පාලනය තුළ ද මෙම තත්වය ඇති බව සඳහන් කරමිනි.
පක්ෂයට නියෝජ්‍ය නායකයෙකු තේරීමේ අවස්ථාව සහ ඒ වෙනුවෙන් පැවති ඡන්දය පිළිබඳව තමන් ඇතුළු වූ පක්ෂ ජේෂ්ඨයින් කිහිපදෙනකුම දැනුවත් කිරීමට පක්ෂ නායකත්වය කටයුතු නොකළ බවට චෝදනාවක් ද නවීන් දිසානායක මහතා මෙහිදී සිදු කළේය.
රාජපක්ෂ පාලනය අවසන් කිරීම සඳහා සියලු පාර්ශව එකට එක්විය යුතු අවධාරණය කළ නවීන් දිසානායක මහතා ඒ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරන් දැඩි අදහස් පසෙකලා නම්‍යශීලී ලෙස පොදු සම්මුතියකට එළැඹීමට කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.










