• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරීන්ගේ කොකේන් ටෙස්ට් එක හරිද ඉරාජ්… (VIDE0)

February 2, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
හරීන්ගේ කොකේන් ටෙස්ට් එක හරිද ඉරාජ්… (VIDE0)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් බොහෝ දෙනකු තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට චෝදනාවක් පසුගිය කාලය පුරාම විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වුණි. පළමුව මෙම චෝදනාව එල්ල කළේ රන්ජන් රාමනායක මහතාය. ඒ පසුගිය යහපාලන රජය සමයේදීය. එවකට ඇමැතිවරයෙකු වූ රාමනායක මහතා එම චෝදනාව එල්ල කළේ තමන් තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කර නොමැති බව තහවුරු කරන පරීක්ෂණයක ප්‍රතිඵලද සමඟිනි. මත් කුඩු භාවිතා කරන්නන් පමණක් නොව මත් කුඩු ජාවාරම්කරුවන්ද පාර්ලිමේන්තුව තුළ සිටින බවට සිරගත වන තෙක්ම රාමනායක මහතා නිරන්තරයෙන්ම චෝදනා කළේය.

මේ අතර ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු මෙන්ම ආණ්ඩුවට හිතවත් පිරිස්ද පසුගිය කාලයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉලක්ක කර ගනිමින් මෙම චෝදනාව එල්ල කරන ආකාරය දැක ගත හැකි විය.

ඒ ආකාරයෙන් චෝදනා එල්ල වූ විපක්ෂයේ මන්ත්‍රීවරු අතර ඉදිරියේම සිටියේ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාය. ඒ මහතා පාර්ලිමේන්තුවේ කතා කරන බොහෝ අවස්ථාවල ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු මෙම චෝදනාව ඒ මහතාට එල්ල කළහ.

මේ අතර පසුගිය සතියේදී හරීන් ප්‍රනාන්දු මහතා තම ෆේස්බුක් පිටුව හරහා සජීවීව සිදු කළ පළ කිරීමක් සෑම දෙනාගේම විමතියට හේතු විය. එහි දැක්වුණේ තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇද්දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා වන පරීක්ෂණයට ප්‍රනාන්දු මහතා මුහුණ දෙන ආකාරයය. පෞද්ගලික රෝහලකදී සිදු කළ එම පරීක්ෂණයේ ප්‍රතිඵල හරහා තහවුරු වී තිබුණේ හරීන් ප්‍රනාන්දු මහතා කිසිදු ආකාරයක තහනම් මත්ද්‍රව්‍යයක් භාවිතා කර නැති බවය. එම ප්‍රතිඵල සටහනද ඔහුගේ ෆේස්බුක් පිටුව හරහා ප්‍රසිද්ධියට පත් විය. එතැන් පටන් සමාජ මාධ්‍ය ඔස්සේද මේ සම්බන්ධ විවිධ මත පළ වන්නට විය.

අප මේ සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු දුන් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ තමන් මෙය සිදු කළේ කිසිවෙකුගේ අභියෝගයක් නිසා නොවන බවය.

“මම මේ කවුරුවත් අභියෝග කෙරුව හින්දා මේක කළේ නැහැ. ඒත් සමාජයේ මං ගැන මෙහෙම මතයක් පැතිරිලා යන එක මගේ පවුලේ අයට හොඳ නැහැ. විශේෂයෙන් මගේ දරුවන්ට. මගේ දුවයි, පුතයි දෙන්නම මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. ඉතිං ඒ අය වෙනුවෙන් මගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා පෙන්වන්න මට ඕනෑ වුණා. ඒ හින්දයි මම මේ පරීක්ෂණයට මුහුණ දුන්නේ. දැන් මම නිර්දෝෂයි කියලා ඔප්පු වෙලා තියෙනවා.
ඇත්තටම මම මේක කරන්න හිටියේ මීට කලින්. රන්ජන් රාමනායක මැතිතුමා අපේ ආණ්ඩු කාලයේදී තමයි මේ චෝදනාව එල්ල කළේ. ඒක පොදුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාටම කෙරුව චෝදනාවක්. එතුමා ඒ වෙලාවේ මේ ටෙස්ට් එක කරලත් පෙන්නුවා. මාත් ඒ වෙලාවෙම මේ ටෙස්ට් එක කරන්න තමයි හැදුවේ. ඒ වෙද්දි මමත් ඇමැතිවරයෙක්. ඒ හින්දා ඔය විකාර කරන්න එපා කියලා අගමැතිතුමා කිව්වා. ඒ හින්දයි මට ඒ වෙලාවේ ඒ ටෙස්ට් එක කරන්න බැරි වුණේ.”

මන්ත්‍රීවරයා අදහස් දැක්වූයේ එසේය.

කෙසේ නමුත් පසුගිය කාලය පුරාම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රනාන්දු මහතාට පාර්ලිමේන්තුවේ කතා කිරීමට ඉඩ ලබා නොදුන්නේ මේ කාරණය ඉදිරියට දමමිනි. මෙම පරීක්ෂණයට මුහුණ දීම සඳහා එම චෝදනා මුල් නොවුණේදැයි අප ඒ මහතාගෙන් විමසා සිටියේ එබැවිනි.

“අපි ඉදිරිපත් කරන කරුණුවලට දෙන්න උත්තර නැති වුණාම ඒ ගොල්ලෝ කරන්නේ මඩ ගහන එක. ඒක තමයි පහුගිය කාලය පුරාම සිද්ධ වුණේ. තර්කයක් ගෙනාවම ඒක බිඳින්න තර්කයක් ගේනවා වෙනුවට මේ අය කළේ මඩ ගහන එක. චෝදනා තියෙන මාධ්‍ය නාළිකා ප්‍රධානියෝ කරන්නේ ඒවා උලුප්පලා පෙන්වන එක. ඊට පස්සේ ආණ්ඩුවේ හෙන්චයියෝ එළියේ ඉඳගෙන අපිට මඩ ගහනවා.
ඒත් මම මේ වෙලාවේ ටෙස්ට් එක කළේ නම් ඒ මඩ ගහන අයට උත්තර දෙන්න නෙවෙයි. මම කලින් කිව්ව කාරණාව තමයි ඒකට ප්‍රධාන වශයෙන් හේතු වුණේ. ”

ඒ ප්‍රනාන්දු මහතා එම පැනයට ලබාදුන් පිළිතුරය.

කොකේන් ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට චෝදනා එල්ල වන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් නොවේ. එම චෝදනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටද එල්ල වේ. හරීන් ප්‍රනාන්දු මහතා ලබා දුන් ආදර්ශය අනෙක් මන්ත්‍රීවරුනුත් ඉදිරියට ගෙන යා යුතු බවට මතයක් සමාජයේ ඇති වී ඇත්තේ ඒ නිසාය. තමන්ට චෝදනා එල්ල කළ මන්ත්‍රීවරුන්ටද දැන් මේ අභියෝගය එල්ල කරන්නේදැයි අප ප්‍රනාන්දු මහතාගෙන් විමසුවේ එබැවිනි.

“මගේ ජීවිතය තුළ මම කරන්නේ අන් අයගේ වැරැදිවලට සමාව දෙන එක. ඒ හින්දා මම මේක කළා කියලා කාටවත් අභියෝග කරන්න යන්නේ නැහැ. වැරැදි කරන අයට කර්මය පඩිසන් දේවි. හැබැයි ලංකාවේ ජනතාව බොහොම බුද්ධිමත්. ඒ හින්දා ආණ්ඩුවේ පාර්ශ්ව අපිට එල්ල කරන විවේචනත් බුද්ධිමත්ව එල්ල කරනවා නම් හොඳයි. ස ෆේල් කියන එක පාස් කර ගන්නනේ ඔය ඔක්කොම කරන්නේ. හැබැයි ඒකෙන් වෙන්නේ තව තවත් ෆේල් වෙන එක විතරයි.”

ඒ හරීන් ප්‍රනාන්දු මහතාගේ පිළිතුරුය.

මේ වන විට විපක්ෂයේ සිටින කැපී පෙනෙන චරිත අතරින් ඉදිරියේම සිටින්නෙකු ලෙස හරීන් ප්‍රනාන්දු මහතා හැඳින්විය හැක. ඒ මහතා මෙවැනි කාර්යයන්හි නිරත වෙන්නේ තම ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා යැයි පවසන පිරිස්ද දක්නට ඇත. එබැවින් අප අවසන් වශයෙන් ඒ පිළිබඳව ප්‍රනාන්දු මහතාගෙන් විමසුවෙමු.

“මේ ආණ්ඩුව තමයි මාව පොරක් කළේ. නැතුව මට එහෙම පොරෙක් වෙන්න වුවමනාවක් නැහැ. හැබැයි ආණ්ඩුව කරන වැඩ හින්දා ඒක වෙනවා.”

හරීන් ප්‍රනාන්දු මහතා පිළිතුරු දුන්නේ එසේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට අමතරව පසුගිය කාලය පුරාවට හරීන් ප්‍රනාන්දු මහතාට දිගින් දිගටම චෝදනා එල්ල කළ ප්‍රබල චරිතයක් වූයේ ජනප්‍රිය ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතාය. මීට පෙර මව්රට පුවත්පත සමඟ පැවැති සාකච්ඡාවකදීද, ඒ මහතා එම චෝදනාව එල්ල කළේය. අප ඉරාජ් වීරරත්න මහතා සම්බන්ධ කර ගත්තේ එම චෝදනාවට අවශ්‍ය පිළිතුරු ලැබුණේද, නැද්ද යන්න දැන ගැනීම සඳහාය.

“මෙහෙමයි. හරීන් ප්‍රනාන්දු මහතා කළේ මුත්‍රා සාම්පල පරීක්ෂණයක්. පැය 48ක් හෝ 72ක් වැනි කාල සීමාවකදී මත්ද්‍රව්‍ය භාවිතා කරලද නැද්ද කියන එක තමයි ඒකෙන් හොයා ගන්න පුළුවන්. හැබැයි ලෝකයේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් සොයා ගත හැකි ප්‍රධාන පරීක්ෂණයක් තියෙනවා. ඒ තමයි ්‍ය්සර ත්‍දකකසජකැ ෘරමට ඔැිඑ කියන පරීක්ෂණය. හිස කෙස් යොදා ගෙන කරන එම පරීක්ෂණයෙන් දින 90ක කාලයක් ඇතුළත මත්ද්‍රව්‍ය භාවිතා කරාද නැද්ද කියන එක හොයා ගන්න පුළුවන්. දන්න අය ඒ ගැන හොඳට දන්නවා. ඕනෑ නම් වෛද්‍යවරයෙකුගෙන් අහලා බලන්න.”

එලෙස අදහස් දැක්වූ වීරරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ හැකිනම් එම පරීක්ෂණයට ඉදිරිපත් වන ලෙස හරීන් ප්‍රනාන්දු මහතාට අභියෝග කරන බවය.

“මම එතුමාට අභියෝග කරනවා. පුළුවන් නම් අද හෙටම ඒ පරීක්ෂණයට මුහුණ දීලා නිවැරැදි බව ඔප්පු කරන්න. හැබැයි කල් නොගෙන අද හෙටම ඒක කරන්න ඕනෑ. මම හොඳටම දන්නවා එයා ඒක කරන්නේ නැහැ කියලා. තව දෙයක්. කෙනෙක් මුත්‍රා කරන එක ෆේස්බුක් ලයිව් ඇවිත් පෙන්වනවා කියන්නේ එයාගේ මොළය අවුල් වෙලා කියන එකනේ. ඉතිං මේ මන්ත්‍රීවරයාගේ මොළේ අවුල් වෙලා කියන එක ඒකෙන්ම හිතා ගන්න පුළුවන්.”

ඒ වීරරත්න මහතාගේ අදහස්ය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ වීරරත්න මහතා සඳහන් කළේ විපක්ෂයේ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද මෙම පරීක්ෂණය සිදු කළ යුතු බවය.

“කවුරුත් තමන්ගේ සල්ලිවලින් කුඩු ගැහුවට අපිට කමක් නැහැ. ඒ අය අල්ලන එක පොලිසියේ වගකීම. ඒත් ජනතා බදු මුදලින් යැපෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කුඩු ගහලා කෑ ගහන එකටයි අපි විරුද්ධ. දැන් අපි කිව්ව හින්දා හරීන් ප්‍රනාන්දු මහත්තයා පරීක්ෂණයක් කරලා තියෙනවා. ඒත් ඒක අපිට පිළිගන්න බැහැ. හරීන් ප්‍රනාන්දු මහත්තයා විතරක් නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාම ජාත්‍යන්තරයේ පිළිගත් ්‍ය්සර ත්‍දකකසජකැ ෘරමට ඔැිඑ එකට ඉදිරිපත් විය යුතුයි කියලයි මම කියන්නේ.”

ඉරාජ් වීරරත්න මහතා අදහස් දැක්වූයේ එසේය.

සැබවින්ම ජනතාවට සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු යන මන්ත්‍රීවරුන් රටේ නීතියට පිටින් ගොස් තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් එය කිසිසේත් සමාව ලබා දිය හැකි වරදක් නොවන බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එවැනි පසුබිමක තමන් නිවැරැදි බව ඔප්පු කර පෙන්වීම සඳහා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ගත් ක්‍රියා මාර්ගය අගය කළ යුතුය. එමෙන්ම සියලු මන්ත්‍රීවරුන් ඒ ආකාරයෙන් තම නිවැරැදිභාවය ඔප්පු කිරීමට ඉදිරිපත් වන්නේ නම් එය ජනතාව තුළ ඇති සැකය දුරු කිරීමටද හේතුවක් වනු ඇත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මණිඅක්ඛිත නා රජුට මිලින්ද මොරගොඩ පණ දෙයි (VIDEO)

Next Post

පැණි ධම්මික ගැන කෑගල්ලේ මාකුර ගමෙන් හෙළිවන අලුත්ම හෙළිදරව්ව

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.