• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හන්තාන කඳුයාය එදා වාගෙයි අදත්…
මහවැලිය පුරුදු සේ ගලා යාවී හෙටත්…
ඒත් අද කුමරියේ ඔබ කොහිද ඔහු කොහිද?

February 1, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
හන්තාන කඳුයාය එදා වාගෙයි අදත්… මහවැලිය පුරුදු සේ ගලා යාවී හෙටත්…  ඒත් අද කුමරියේ ඔබ කොහිද ඔහු කොහිද?
Share on WhatsAppShare on Facebook

කාටද රිදුණේ කවුරුද හැඬුවේ…
දුම්රිය මොහොතක් නතර වුණේ…

කෙනෙක්ට ජීවිතයේ සමහර දේවල් තියෙනවා දරාගන්න අමාරුයි හරිම වේදනාකාරීයි. ඒ හැම වේදනාවක්ම සුනුවිසුනු කරන්නට බැරි වෙනකොට ජීවිතයෙන් පලායාම හැරෙන්නට වෙනත් විසඳුමක් නැහැ කියලා සිතෙන අවස්ථා අනන්තයි. ජීවිතයේ සමහර දේවල් ගැන හදවත් තීන්දු තීරණ ගන්නේ ක්ෂණිකවයි. පසුගිය දිනවල සමාජ මාධ්‍යයෙන් බොහෝ දෙනෙක් කතා කළේ ගල්ගමුව දුම්රිය ස්ථානයේදී කෝච්චියට පැන දිවිනසාගත් තරුණිය පිළිබඳවයි.

මෙසේ කනගාටුදායක පුවතක් අසන්නට ලැබුණේ කුරුණෑගල ගල්ගමුව දුම්රිය ස්ථානයෙන්. ඒ පසුගිය 18 වැනිදා උදෑසන 6.30ට පමණ. ‘කහපාට බතික් සාරියකින් සැරසුණු රූමත් තරුණියක් ගල්ගමුවේ දුම්රිය ස්ථානයේදී කන්කසන්තුරේ සිට මාතර දක්වා දිවෙන කෝච්චියකට බෙල්ල තියලා’ යනුවෙන් වාර්තා වුණා. ඇය නමින් සංජීවනී කල්‍යානි චන්ද්‍රසේකරයි. වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරියක් වූ ඇය උගන්වන්නේ කුරුණෑගල ගල්ගමුව නිතලව කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික පන්තිවල. මීට පෙර අවස්ථාවකදීද ඇය පැරසෙටමෝල් පානය කර දිවිනසාගන්නට උත්සාහ කර ඇති බව සමාජ මාධ්‍යවල පළව තිබුණා.

මෙම සියදිවි නසාගැනීම පිළිබඳ ‘මව්රට’ පුවත්පත ගල්ගමුව පොලිස් ස්ථානයෙන් විමසා සිටියද පොලිස් පරීක්ෂක රන්බණ්ඩා මහතා පවසා සිටියේ ඇය පවුල් ආරවුලක් මත ගල්ගමුව – සෙල්ලවත්ත දුම්රිය හරස් මාර්ගයේදී කන්කන්තුරේ සිට මාතර දක්වා දිවෙන දුම්රියට පැනීමෙන් මියගොස් ඇති බවත්, ඒ වන විට ඇය ගැබිනියක්ව සිටි බවක් මරණ පරීක්ෂණයේදී අනාවරණ නොවූ බවයි.

පාසල් සමයේ සිට පැවති පෙම් සම්බන්ධතාවයකින් පසුව ඇය විවාහ වී තිබුණේ ඇය සමග එකම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අයකු සමගය. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වන අතර, තඹුත්තේගම මූලික රෝහලේ සේවය කරමින් සිටියි. සංජීවනී මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුව ලෙස සමාජ මාධ්‍යවල පළව තිබුණේ ඇගේ ස්වාමිපුරුෂයා හෙදියක් සමග ඇතිකරගෙන තිබූ අනියම් සම්බන්ධතාවයක් නිසා ඇතිවූ සිත් තැවුලක් බවයි.

සංජීවනීගේ සියදිවි නසාගැනීම සියැසින් දුටු හිරුණි ඒස්. දිසානායක සිය ෆේස්බුක් පිටුවේ ඒ පිළිබඳ මෙලෙස සටහන් කර තිබුණා.

‘මෙයා සුයිසයිඩ් කරගත්තේ 18 දා උදේ 6.45ට විතර. අනුරාධපුරේ සිට බෙලිඅත්ත දක්වා ගිය ටේ්‍රන් එකට ගල්ගමුවේදි බෙල්ල තියලා. මම ඒ ටේ්‍රන් එකේ හිටියේ. ඇස් දෙකටම දැක්කා ඒ අක්කගේ මිනිය. හිස කඳින් වෙන්වෙලා. ලස්සනට ලෑස්ති වෙලා උන්නේ. උදේ ඉස්කෝලේ යන ගමන් වෙන්න ඕනේ….’

සංජීවනීගේ ගුරු මිතුරකු පවසා සිටියේ,

‘සංජීවනී හරිම හොඳ අහිංසක කෙනෙක්. කවදාවත් මෙහෙම දෙයක් කරගනී කියලා අපි හිතුවේ නැහැ’ යනුවෙනි.

සංජීවනීගේ ෆේස්බුක් ගිණුම නිරීක්ෂණය කරන විට දැකගන්නට ලැබුණේ ඇගේ පවුල් ජීවිතය පමණක් නොව ඇගේ රැකියා ස්ථානය පවා ඇයට නීරසව තිබූ බවකි.
ඇගේ ජංගම දුරකතන වාර්තාවල සඳහන් ආකාරයට මියයන්නට මොහොතකට පෙර තම ස්වාමියාට සහ යෙහෙළියකට ඇමතුම් ලබාගෙන ඇති බවත්, ඔවුන් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බවත් තම සැමියා රෝහලේ හෙදියක් සමග සම්බන්ධතාවක් ඇතිකරගෙන ඇති බවත්, තමාව මඟහරින බවත් ඇය යෙහෙළියකට යැවූ කෙටි පණිවුඩයක සඳහන් කර ඇත. එසේම ඇය කලක සිට විශාදය රෝගී තත්ත්වයට ඖෂධ ලබාගෙන ඇති බව සමාජ මාධ්‍යවල සඳහන්ව තිබුණා.

සංජීවනීගේ මව හැඬූ කඳුළින් යුතුව සිය දියණියගේ වියෝව ගැන මෙසේ පවසා සිටියා.

‘මීට අවුරුදු 3කට කලින් දුවගේ තාත්තා අපිව දාලා ගියා. ඊට පස්සේ දුවට උගන්නවන්න මම අනේක දුක් වින්දා. කොහොම හරි දරුවෝ දෙන්නව සමාජයේ හොඳ තැනකට ගෙනාවා. දුව විවාහ වෙන්නේ අවුරුදු ගානක් ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයක් මතයි. කොහොමත් ඒ සම්බන්ධයට මගේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් දුවගේ සතුටට ඉඩ දුන්නා. විවාහයෙන් පසුව බබෙක් හම්බවෙන්න හිටියේ. ඒ දරුවා නැතිවුණු කම්පනයත් එක්ක. ඒත් එක්කම දුවට විශාදය හැදෙන්න ගත්තා. ටික් ටොක් ෆේස්බුක් වගේ සමාජ මාධ්‍යයත් එක්ක තමයි දුව කාලය ගතකරන්න ගත්තේ. ඒකට හේතුව දුව ගොඩක් තනිවෙලා හිටිය නිසා. මීට කලිනුත් දුව සියදිවි නසාගන්න ගියා. ඒ වෙලාවෙ නම් දෙවියන්ගේ පිහිටෙන් මගේ දරුවා බේරුණා. කොහොම හරි අන්තිමට මගේ දරුවා මරාගත්තා…’

බොහෝ තරුණ තරුණියන් තම පෞද්ගලික ප්‍රශ්න පවා තමන්ගේ ෆේස්බුක් පිටුවේ පළකරනු වත්මනේ දැකගත හැකි සුලබ සිදුවීමක්. සංජීවනීගේ ෆේස්බුක් ගිණුමද එවැන්නක් බව එය නිරීක්ෂණය කරන ඕනෑම කෙනකුට පැහැදිලි වෙනවා. ඇය ටික් ටොක් හරහා ඇගේ තනිකම මකාගන්නට බොහෝ දෑ සිදුකර ඇති බව පෙනෙන්නට තිබෙනවා.

සංජීවනී 2018 වර්ෂයේදී විවාහ වුණත් ඔවුන් දෙදෙනාම සිටින ඡායාරූප ඇගේ ෆේස්බුක් පිටුවේ දක්නට ලැබෙන්නේ ඉතා අල්ප වශයෙන්. අවුරුදු 13ක පාසල් ප්‍රේමයක් වුවත් විවාහයෙන් මාස කිහිපයක් ගතවත්ම ඒ ආදරය වෙනස් වන්නට පටන්ගෙන ඇති බව ඇය මුහුණු පොතේ සටහන් කර තිබූ මෙම නිස`දැස් කවිවලින් කියවෙනවා.
‘කුමටද පරවූ මල් පුදසුන මත ඉඳලා’

‘අතාරින්න හිතාගන්නවත් බැරි වුණු සමහර බැඳීම් කාලෙත් එක්ක ඔහේ වැළලිලා ගියා…’

‘ප්‍රේමය ඇසිය යුතු නැත. දැකිය යුතු නැත. නමුත් දැනිය යුතුය – ආදරය කියන දේ කෙනකුගේ හදවතට දැනිය යුතුයි’

‘මතකයන් පමණක් ඉතිරිකර දවසක සියල්ලෝම නික්ම යති’

‘කාලය… උඹ ඇතැම් දේ තේරුම් කර දෙනකොට අනේ මං හුඟාක් පමාවෙලා….’

‘අනුන්ගේ ජීවිත උඩ පරිස්සමට ඇවිදින්න… සමහර තුවාල පිටට පෙනෙන්නේ නැත….’

‘මැරෙනකන්ම ළඟ ඉන්න සිහින දැකපු ආදරේ දවසින් දෙකෙන් මරාදැමූ බව මැරෙන කල්ම අමතක වෙන්නේ නැ….’

‘සංසාර ගනුදෙනු අවසන් වූ පසු… දුකින් හෝ සතුටින් විසිර යා යුතුමය…’
මානසික නිදහසක් නැති බැඳීම්වලින් ඈත් වෙයන්

‘ඔබ මඟහරින එක කෝල් එකක් කෙනකුගේ අන්තිම කෝල් එක වෙන්න පුළුවන්’
‘ඔබ මඟහරින එක මැසේජ් එකක් අන්තිම මැසේජ් එක වෙන්න පුළුවන්…’

ප්‍රේමය වර්ගීකරණය කිරීම අසාධාරණයි. සම්මත වුවද අසම්මත වුවද ප්‍රේමය සඟවා තබාගත නොහැකි සංවේදතාවයක් ආදරය නොමැති දෑතක පැටලි සුසුම්ලන්නේ කෙසේද? සමාජ සම්මතයේ ගොදුරු බවට පත්වන්නේ කොහොමද? අසාධාරණයන්ගෙන් මේ ලොව පිරි ඇත.

ඔවුන් අතීතයේ දිනෙක පේරාදෙණිය සරසවියේ ලස්සන තැන්වල ආදරය කරන්නට ඇති. ඒ සියල්ලම ඇගේ ප්‍රේමයේ නටබුන් බවට පත්වුණා.

මේ, පේරාදෙණිය සරසවියේ ඒ 10 කණ්ඩායම තබා තිබූ සටහනක්.

‘සසර පණ බිදක් විලස ජීවිතේ නතර කර සුන්දර හදකින් කඳුළ නිවාදමා කඳුළක්ම තියා….

ඔබ අද අපෙන් සමුගෙන… පතන්නෙමු අමා මහ නිවන් සුව…’

ඇය සියදිවි නසාගන්නේ අසල්වාසීන්ට මෙන්ම තම පාසලේ දරුවන්ටද විශ්වවිද්‍යාලයේ මිතුරු මිතුරියන්ටද කම්පනයක් ඇතිකරමිනි. ආදරය වෙනුවෙන් කෙනකුගේ හිතෙහි ඇතිවන සිතුවිලි හරි ප්‍රබලයි. ආදරය වෙනුවෙන් ඉවසන්න බැරි වේදනාවල් තුළ අපි අසරණයි. නමුත් අපි ඉපදෙන්නේ මේ ලෝකේ අවුරුදු කල්ප ගණන් ජීවත් වීමට නොවන බව අප කවුරුත් වටහාගත යුතුයි. තමන් කැමැති දෙයක් නැතිවුණාම ඒ දුක දරාගන්න විදිය ඇගේ මවුපියන් කුඩා කලදීම ඇයට කියා දුන්නා නම් ප්‍රශ්න දරාගෙන ජීවිතයට මුහුණ දෙන්න ඇයට හැකිවන්නටත් තිබුණා. පොතින් පතින් ලබන අධ්‍යාපනයට වඩා දරුවන් හුරුකළ යුත්තේ අහිමිවීම දරාගැනීමටයි.

යළි කවදාවත් හැරෙන්නට බැරි ගමනක් තමයි සංජීවනී ගියේ. ඇයට ආදරය කරපු, ඈ වෙනුවෙන් ආදරය පුරෝගෙන හිටපු හැමෝගෙම හදවත් දාලා ගිය ගමනක් මේ…

ඉතින් ඇයට පරිස්සමෙන් ගිහින් එන්න කියලා අවසානයේ අපි කියමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

දැවැන්ත ‌ගොවි පෙළපාලියකින් සජිත් ගලෙන්බිඳුණුවැවට එයි! (VIDEO & PHOTOS)

Next Post

ඇම්බියුලන්ස් එකට වෙඩි තිබ්බේ මේ දෙන්නා! ඔත්තුව දුන්නොත් පොලිසියෙන් මිලියනයක තෑග්ගක්!

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.