• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෞඛ්‍ය අමාත්‍යංශය ගහපු ‘කට වහන’ චක්‍රලේඛයට එරෙහිව වෘත්තීය සමිතිවලින් සෞඛ්‍ය ලේකම්ට ලියුමක්! චක්‍රලේඛය අත්හිටුවලා වහාම සාකච්ඡාවක් දෙන්න!

July 22, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට ඖෂධ සමාගම්වලින් සල්ලි අරන් පාටි දාන්න පුලුවන්ද? මේක හරියට හොරු අල්ලන්න ඉන්න පොලිසිය හොරුත් එක්ක පාටි දානවා වගේ වැඩක්! මේවා ඇහුවාම නිලධාරීන් දෙන්නේ චණ්ඩි උත්තරනේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක එස්. චන්ද්‍රගුප්ත විසින් පසුගිය දා නිකුත් කර තිබූ චක්‍ර ලේඛය භාෂණයේ සහ ප්‍රකාශනයේ මිදහස සීමා කරන්නක් බව ඒ පිළිබඳව ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස රවී කුමුදේශ් පවසනවා. ඔහු කියන්නේ මෙම චක්‍ර ලේඛය අත්හිටුවා සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසයි.

“ජනක එස්. චන්ද්‍රගුප්ත මහතා,

ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය

“සුවසිරිපාය”,

කොළඹ 10

වෘත්තීය සමිති අයිතිවාසිකම් මර්දනය කිරීම. රෝගීන්ගේ සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සීමා කිරීම.

ඔබගේ අංක MH/ADl.Sec.(Admin I)/01/2021 දරණ 2023.07.20 දිනැති පොදු චක්‍රලේඛ ලිපි අංක 02-106/2023 හා බැඳේ,

ඒ අනූව ආයතන සංග්‍රහයේ ඇතැම් පරිච්ඡේද සහ නඩු තීන්දු උපුටා දක්වමින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ඇති භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස සීමා කිරීමේ අදහසින් උක්ත චක්‍රලේඛය නිකුත් කර ඇති බවත් විශේෂයෙන්ම වර්තමාන සෞඛ්‍ය සේවාව තුළ හෙලිදරව් වෙමින් පවතින දූෂණ, වංචා ඇතුළු අනෙකුත් අකටයුතුකම් සමාජයට නිරාවරණය වීම වැලැක්වීම සඳහා එම චක්‍රලේඛය හරහා උත්සහ ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.

එසේම එම චක්‍රලේඛය මඟින් ආයතන සංග්‍රහයට සහ ඇතැම් නඩු තීන්දු වලට අදාළව සාමාන්‍ය රාජ්‍ය සේවකයන් ලෙස අදාළ කරගත යුතු නීතිමය තත්වයන් උධෘත කර තිබුණද වෘත්තීය සමිතියක හෝ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයක නිළධාරීන් සඳහා එකී ආයතන සංග්‍රහයේම පවතින විධිවිධාන සහ වෘත්තීය සමිති අඥාපනත, වෘත්තීයවේදීන්ගේ සංගම් ලියාපදිංචි කිරීමේ පනත සහ රාජ්‍ය සේවකයන් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලද නඩු තින්දු කිසිවක් පිළිබඳව එහි සඳහන් කර නොමැත. එබැවින් මෙම චක්‍රලේඛය හිතාමතාම වෘත්තීය සමිති මර්දනය කිරීම සඳහා අනියමින් යොදා ගැනීමට සැලසුම් සහගතව නිකුත් කරන ලද්දක් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එබැවින් අප එය තරයේ ප්‍රතික්ෂේප කරන අතර ආයතන මට්ටමින් එම චක්‍රලේඛය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරුවහොත් ඊට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සිදු වන බවත් කණගාටුවෙන් දන්වා සිටිමු.

කෙසේ නමුත් මෙම චක්‍රලේඛයට අදාළව වෘත්තීය සමිති හා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගම් වල නියෝජිතයන් සඳහා මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සඳහා වන විධි විධානයන් නිශ්චිතව පැහැදිලි කර නොමැති බැවින් ඒ පිළිබඳව කඩිනමින් පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙසත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙසත් එතෙක් එම චක්‍රලේඛය බලරහිත කරන ලෙසත් ඉල්ලා සිටිමු.

ස්තුතියි !

මෙයට විශ්වාසී

රවී කුමුදේශ්, සභාපති, පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය”

මීට පස්සේ සෞඛ්‍යයේ බාල බෙහෙත්-කෝටි ගණන් වංචා ගැන තොරතුරු එළියට එන්නේ නැතිවෙයි වගේ! කෙහෙළියගේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ‘කට වහන’ චක්‍රලේඛයක් එයි! Sri Lanka Latest News
SendShareShare
Previous Post

නීති ප්‍රවේශයට රුපියල් 15000ක්! විභාගයට රුපියල් 1200ක්! උසස් පෙළ ප්‍රතිපල එන්නත් කලින් නීති විද්‍යාලයට අයදුම්පත් කැඳවලා! මොකද්ද මේ අසාධාරණය? VIDEO I Sri Lanka Latest News

Next Post

ජනප්‍රිය ටෙලි නිළියක් හා අධ්‍යක්ෂවරයෙක් පානදුර ටවුමේ ගුටි කෙළියක! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.