• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුදු මැස්සා මර්දනය කරන්න ජනාධිපති ලේකම් සූදානම් වෙයි! හදිසි සාකච්ඡාවකුත් කැඳවයි! (PHOTOS)

December 20, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
සුදු මැස්සා මර්දනය කරන්න ජනාධිපති ලේකම් සූදානම් වෙයි! හදිසි සාකච්ඡාවකුත් කැඳවයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

පොල් වගාව ආශ්‍රිතව මේ දිනවල සීග්‍රයෙන් ව්‍යාප්ත වන “සුදු මැස්සා” (Whitefly) කෘමි උවදුර මර්දනය තිරසරව කළමනාකරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම කෘමි උවදුර පිළිබඳ පොල් වගා කරුවන් දැනුවත් කිරීම සඳහා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් පොල් පර්යේෂණ ආයතනය ඇතුළු වගකිවයුතු ආයතන විසින් මේ වන විටත් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාවට නංවා තිබෙන අතර, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ දී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍යයන්හි දායකත්වය විධිමත්ව ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණි.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ කාළගුණික වෙනස්කම්, නීත්‍යානුකූල නොවන මාර්ගවලින් ගෙන ආ පොල් පැළ වගා කිරීම සහ ස්වභාවික පරපෝෂිතයන් එකවර අඩුවී යාම වැනි හේතු මෙම කෘමි උවදුර ව්‍යාප්තවීමට බලපා ඇති බවත්, කොළඹ, ගම්පහ, කෑගල්ල, කළුතර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පොල් වගාකරුවන් මේ වන විට මෙම කෘමි උවදුරේ බලපෑමට ලක්ව සිටින බවය.

මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා අදාළ ආයතන මගින් ගෙන ඇති පියවර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී නිලධාරීන්ගේ හිඟය ප්‍රධාන ගැටලුවක් වී ඇති බව මෙහිදී සඳහන් කෙරුණු අතර, ඊට විසඳුමක් ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සිට ග්‍රාමීය නිලධාරින් දක්වා සියලු දෙනා මීට දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා උපදෙස් දුන්නේය.

එසේම “සුදු මැස්සා” කෘමි උවදුරෙන් හානි වූ වගාවන් පිළිබඳ නිවැරදි තොරතුරු රැස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා කෘමි උවදුර මර්දනය කිරීම සඳහා මෙම විෂය සම්බන්ධ කටයුතු කරන විශ්වවිද්‍යාල ප්‍රජාවගේ සහාය ලබා ගැනීමට ද උපදෙස් දුන්නේය.

මතුව ඇති තත්ත්වය පාලනය කිරීම සහ මර්දනය සඳහා පරපෝෂිතයන් වගා කිරීම, අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම වැනි කඩිනම් විසඳුම්වලට යොමු වන ලෙස ද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් උ‍පදෙස් දෙනු ලැබීය.

අදාළ ආයතනවල ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහූ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ෂැංග්‍රිලාවේ සුපිරි මගුලක්! ජනාධිපතිවරු තුන්දෙනෙක්! මහින්ද-බැසිල්-ගෝඨා-රනිල් එකම ‌මේසයක! කෑම බීම උතුරන්න!

Next Post

කාලෙට ගැලපෙන තාලෙට ඇඳපු කාටූන් එකක්!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.