• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිරුරට ගිනි තියාගෙන මැරුණා කෙනෙක් අවුරුදු එකහමාරකට පසු පණපිටින් මතුවෙයි! හබරණ පොලිසිය පඹගාලක පැටලෙයි! සිද්ධිය පසුපස මහා අපරාධයක්!

April 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් ‌නොගියොත් අරලිය ගහ මැදුර ළඟ තරුණයෙක් ගිනි තියාගන්න සූදානම්!
Share on WhatsAppShare on Facebook

සිරුරට ගිනි තබා ගෙන සිය දිවි හානි කර ගත්තේ යැයි කී, අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු වසර එකහමාරකට පසු පොලිසියට හසු වූ පුවතක් පලුගස්වැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

පොලිස් තොරතුරු සඳහන් කරන ආකාරයට සිදුවීම පෙළ ගැසෙන්නේ මෙසේය:

හබරණ, පලුගස්වැව, කුඩා රඹෑවේ ගල් වැඩපොළක් ආසන්නයේ තිබී පිලිස්සී මිය ගිය පුද්ගල සිරුරක් හබරණ පොලිසියට හමු වූයේ 2021 වසරේ ඔක්තෝබර් 29 දාය. හඳුනා ගැනීමට නොහැකි තරමට කරුකුට්ටම් වී ගිය ඒ සිරුරට මඳක් ඈතින් වැටී තිබුණු ලිපියකට අනුව මියගොස් ඇත්තේ පලුගස්වැව පදිංචිකරුවකු වූ සුදේශ් ඉලංගසිංහ (27) නමැති අයකු බවත්, මෙය සිය දිවි හානි කර ගැනීමක් බවත් නිගමනය කෙරිණි. කොල්ලකෑම්, බීමත්ව රිය පැදවීම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අධිකරණයේ වරෙන්තු පවා ලබා සිටි පුද්ගලයකු වන ඔහු මෙසේ සිය දිවි හානි කර ගෙන ඇත්තේද ඒ හේතු නිසා බවට සැකයක් මතු වී තිබුණේ ඒ ලිපියේ සඳහන් වූ ඇතැම් කරුණු සලකා බැලීමේදීය. අත්අකුරු සැසඳීමේදී ඒ සුදේශ් ඉලංගසිංහගේ බව තහවුරු කර ගත් පොලිසිය මරණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට පියවර ගත්තේය.

කෙසේ වෙතත් මරණය සම්බන්ධයෙන් පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී පවුලේ කිසිවකුත් සම්බන්ධ නොවීම පොලිසියට ඇති කර තිබුණේ යම් සැකයකි. එබැවින් මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් පැවැත්වීමට පොලිසිය තීරණය කළ අතර, වැඩි මනත් තොරතුරක් නොලැබුණත් ඒ විමර්ශන කටයුතු අත්හැර දමා තිබුණේ නැත.

මේ අතර පසුගිය දා කිසියම් පුද්ගලයකු සිය බිරියගේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර ජංගම දුරකතන සිම් කාඩ් පතක් මිල දී ගෙන ඇති බවට පුද්ගලයකු මකුළුගස්වැව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයක් ආරම්භ කෙරිණි. එහිදී අදාළ තැනැත්තා පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීමේදී පදිංචි ස්ථානය වශයෙන් ඔහු හබරණ ලිපිනයක් පවසා ඇති අතර, මකුළුගස්වැව පොලිසියේ නිලධාරීන් හබරණ පොලිසියට ඒ ගැන දැනුම් දී මොහුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට පියවර ගත්තේ ඒ අනුවය. එහිදී හෙළි වන්නේ එවැනි නමක් ඇති පුද්ගලයකු එම ලිපිනයේ නැති බවයි.

මෙහිදී හබරණ පොලිසියට සැකයක් මතු වන්නේ වසර එකහමාරකට පෙර සිය දිවි හානි කර ගත්තේ යැයි කියූ පුද්ගලයා මොහු විය හැකි බවයි. හබරණ පොලිසියේ නිලධාරීහු මකුළුගස්වැව පොලිසියට වහා ඒ බව දැනුම් දුන්හ. ඒ ඔස්සේ කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ වසර එකහමාරකට පෙර ගිනි තබා ගෙන සිය දිවි හානි කර ගත්තේ යැයි කී පුද්ගලයා ජීවතුන් අතර සිටින බවයි.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි කරනු ලබන්නේ සිය මිතුරා විසින් යාචකයකු ත්‍රිරෝද රථයක නංවාගෙන ගල් වැඩපොළ අසලට රැගෙන විත් මරා පුලුස්සා දමා මේ රඟපෑම කළ බවයි. මොහු තම බිරියගේ හැඳුනුම්පතින් සිම් කාඩ් පතක් ගත්තේ යැයි පොලිසියට පැමිණිලි කර තිබුණේ ඔහුය. ඒ අනුව මැදිරිගිරිය රණවිරුගම්මානයේ පදිංචි ඔහුගේ මිතුරකු වන ගයාන් විජේසිංහ (36) නමැති එම පුද්ගලයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.

මේ ගැන ගයාන් විජේසිංහ නමැති සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී යාචකයකු මරා දැමීමක් සිදු නොවූ බවත්, සිය බිරියගේ හැඳුනුම්පතින් සුදේශ් සිම් කාඩ් පතක් මිල දී ගැනීම ගැන තමා කළ පැමිණිල්ල මත ඔහු පොලිසියට හසු වීම නිසා තමා අමාරුවේ දැමීමට බොරුවක් කියන බවත් ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබිණි. පිලිස්සුණු සිරුර පිළිබඳ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ සුසාන භූමියකින් ගොඩ ගත් මළ සිරුරක් මෙසේ පුලුස්සා දැමූ බව සිය මිතුරා තමාට පැවසූ බවයි. ඊට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ දිගින් දිගටම පවසා තිබේ.

කෙසේ වෙතත් දෙදෙනාම මේ හැම දෙයක්ම දැන සිටින බවත්, අපරාධ සැලසුමටද දෙදෙනාම සම්බන්ධ බවත් පෙනී යන බැවින් ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය කියයි. මේ වන විට ඔවුන් දෙදෙනාම සිටින්නේ ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබය.

හබරණ පොලිසියේ උසස් නිලධාරියකු සඳහන් කළේ මෙතෙක් මේ අපරාධයේ සුලමුල විසඳා අවසන් නැති බවයි. සැබෑ ලෙසම මොවුන් යාචකයකු ඝාතනය කර පුලුස්සා දැමුවාද? නැති නම් මළ සිරුරක් ගොඩ ගෙන පුලුස්සා දැමුවාද? යන්න පිළිබඳ විමර්ශන සිදු කරන බවත්, ඒ සඳහා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණ නියෝග ගැනීමට කටයුතු කර ඇති බවත්, ඒ අනුව ඉදිරි දිනක අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන බවත් පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

රාජ්‍ය ආරක්ෂාව බිංදුවට වැටිලා! කට්ටියක් රාජ්‍ය ආරක්ෂාව ඒ අයට විතරක් තියාගෙන ඉන්නවා! ජනතාවට කිසිම ආරක්ෂාවක් නෑ! කන්ජිපානි ඉම්රාන් පැන්නා පැන්නාමයි කවුරුත් සද්දයක් නෑ! ආරක්ෂක ලේකම් නිදිද? VIDEO

Next Post

ශ්‍රී ලන්කන් යානය මෙල්බර්න්වලදී කැඩෙයි! පැය 24ක් ගියත් වගකිවයුතු කවුරුවත් ඇවිත් නෑ! මගීන්ගෙන් බරපතළ චෝදනාවක්!

MORE NEWS

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Load More
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අවසන් වතාවට වතිකානුවට ගොස් සුළු මොහොතකට ලියෝ පාප්වහන්සේ මුණගැසී සාකච්ඡා කළ ආකාරයත්, එහිදී කාදිනල් හිමියන් තමන්ට...

Read more
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.