• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිරිසේනටයි-ලේකම් සමීරටයි පාස්කු කොමිසමෙන් දැඩි අවවාද

September 24, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
සිරිසේනටයි-ලේකම් සමීරටයි පාස්කු කොමිසමෙන් දැඩි අවවාද
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොමිසම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාට දැඩි ලෙස අවවාද කර තිබේ.

කොමිසම ඔවුන්ට අවවාද කර ඇත්තේ, සාක්ෂිකරුවන් විසින් කොමිසමේ දී කරන යම් යම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙසය.

ඒ අනුව අදාළ මතභේදාත්මක මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විසින් කොමිසමේ නියෝගය ප්‍රකාශයට පත්කළේ ය.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු – 

” වරින් වර සංශෝධනය වී ඇති කොමිසන් සභා පනතේ 10 වන වගන්තිය අනුව මෙම කොමිසමට අපහාසයක් හෝ අගෞරවයක් සිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට යොමු කර දඬුවම් දීමට හැකියාව ඇත. කෙසේවෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවේදනය මඟින් පෙන්වා දී තිබුණේ හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සාක්ෂි අසත්‍යයක් බවයි. නමුත් හිටපු ජනාධිපතිවරයාද නුදුරු දිනකදී සාක්ෂි විමසීම සඳහා කොමිසමට කැඳවන බව ඔහුට දන්වා යවා ඇත.කරුණු එසේ තිබියදී මාධ්‍ය නිවේදයනක් නිකුත් කළ මෛත්‍රීපාල සිරිසේන සහ සමීර ද සිල්වා මහත්වරුන් එවැනි නිවේදනයක් නිකුත් නොකළ යුතුව තිබුණු බව පවසමි. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ පෞද්ගලික ලේකම්වරයාට අවවාද කරන්නේ මින් පසු මෙවැනි මාධ්‍ය නිවේදන නිකුත් නොකරන ලෙසයි. මීට අමතරව කොළඹ අගරදගුරු පදවියෙ සහයක රදගුරුතුමන්ලා තිදෙනාටද අවවාද කරන්නේ එවැනි මාධ්‍ය නිවේදන මින් පසු නිකුත් නොකරන ලෙසයි.”

පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දීමේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අසත්‍ය ප්‍රකාශ කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලිපි ශීර්ෂය යටතේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය 20 වනදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අදාළව අද (24) පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොමිසම ඊයේ (23) නොතීසි නිකුත් කළේ ය.

එසේවුවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් කොමිසමේ පෙනී සිටියේ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාය. 

නමුත් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා අද පෙරවරුවේ කොමිසම හමුවට පැමිණ සිටියේ ය.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවේ මෝටර් බයිසිකල් ප්‍රශ්නයක් (VIDEO)

Next Post

මුසම්මිල් වන්නිල ඇත්තන් හමුවෙයි

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.