• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිරිනිවාස නාහිමියන්ගේ ශ්‍රී දේහයට අගමැති අවසන් ගෞරව දක්වයි

August 4, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
සිරිනිවාස නාහිමියන්ගේ ශ්‍රී දේහයට අගමැති අවසන් ගෞරව දක්වයි
Share on WhatsAppShare on Facebook

රට, ජාතිය, ආගම පිළිබඳ ලැදියාවක් තිබුණු භික්ෂූන්වහන්සේ නමක් වන කටුගම්පොල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ‍අතිපූජ්‍ය නාරංගොඩ සිරිනිවාස නා හිමියන්ගේ සේවය මෙවැනි කාලයක අහිමි වීම මුළු රටටම විශාල පාඩුවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (04) දඹදෙණියේ පැවති අපවත් වී වදාළ කටුගම්පොල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නාරංගොඩ සිරිනිවාස නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට සම්බන්ධ වෙමිනි.

සිරිනිවාස නාහිමියන් බලාපොරොත්තු වූ ආකාරයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආගමික හා සංස්කෘතික ප්‍රබෝධය ඇති කිරීමටත්, වෙහෙර විහාර දියුණුකර සංරක්ෂණය කිරීමටත් ඉදිරියේදී කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රජමහා විහාරයේ භාරකාර විහාරාධිකාරී කටුගම්පොල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ගෞරවාර්හ නාරංගොඩ සිරිනිවාස නායකස්වාමීන්වහන්සේගේ අපවත්වීම ගැන අපේ බලවත් සංවේගය මේ අවස්ථාවේ දී ප්‍රකාශ කර සිටිනවා.

උන්වහන්සේ 1957 දී උපත ලබලා 1972 දී පැවිදි දිවියට ඇතුළත් වුණා. සිරිනිවාස නාහිමියන් භාරකාර විහාරාධිකාරී ධුරය දරපු දඹදෙණිය රාජමහා විහාරයට පන්සල් කිහිපයක්ම අයිති වෙනවා. ඒ හැම පන්සලකම කටයුතු සිද්දවුණේ උන්වහන්සේගේ අනුශාසකත්වයෙන්.
මේ ප්‍රදේශයේ ඓතිහාසික උරුමය ආරක්ෂා කරන්න සිරිනිවාස නාහිමියන් විශාල මෙහෙවරක් කරලා තියෙනවා. පුස්කොළ පොතක ලියැවුණ පන්සිය පනස් ජාතක පොත සංරක්ෂණය කරන්න දායක වුණා. දඹදෙණි යුගයේදී කව්සිළුමිණ, විශුද්ධිමාර්ග සන්නස වගේ තවත් සාහිත්‍ය හා ආගමික පොත් රැසක් ලියැවුණා. අපවත් වූ සිරිනිවාස නායක ස්වාමීන්වහන්සේ ඒවත් සංරක්ෂණය කරලා වර්තමාන පරපුරට දායක කරන්න මුල් වුණා.

එදා විජයබාහු රජතුමා ඉදිකළ දළදා මන්දිරය සහිත බුදු මැදුර අදටත් ආරක්ෂා කර පවත්වාගෙන යෑමට සිරිනිවාස හාමුදුරුවෝ මහා කැපවීමක් කළා. මෙම රජමහා විහාරස්ථානයේ පෞරාණීක පඩිපෙළ පෞරාණිකත්වය ආරක්ෂා වන ලෙස අලුත්වැඩියා කළා. රන් වැට සහිත බෝධි ප්‍රකාරය නිර්මාණය කළා. එහි විවෘත කිරීමේ උත්සවයට මටද එන්න පුළුවන් වුණා. සිරිනිවාස නාහිමියන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෙන් මේ දළදා මන්දිරය සංරක්ෂණය කරන්න පියවර ගත්තා. ඒ වගේම උන්වහන්සේ මේ ප්‍රදේශයේ ඇති කෞතුක භාණ්ඩ එක් රැස් කරලා කෞතුකාගාරයක් නිර්මාණය කිරීමටත් පියවර අරගෙන තිබුණා.

පරියත්ති, පටිපත්ති, පටිවේද යන ත්‍රිවිධ ශාසනයේ ආරක්ෂාව හා අභිවෘද්ධිය කෙරෙහි භික්ෂූන් වහන්සේලා අතර උනන්දුවක් ඇති කිරීම සඳහා ආරම්භ වූ පිරිවෙන් අධ්‍යාපනය දඹදෙණිය යුගයේදීත් විකාශයට පත්වුණා.

කෝට්ටේ යුගයේ අවසාන කාලයේ දී මෙරටට පැමිණි පෘතුගීසි, ලන්දේසි, ආදී යුරෝපීය ජාතීන් ගේ බලපෑම නිසා විශාල ශාසන පරිහානියක් සිදුවුණා. නැවත මහනුවර යුගයේ දී වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ මැදිහත්වීම මත පරිහාණියට පත් සම්බුද්ධ ශාසනය බේරාගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් භික්ෂූන් වහන්සේලා ධර්මය හදාරන්නට පටන් ගත්තා.

එම නිසාම ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන ආයතන රටපුරා බිහි වුණා. ඒ අනුව තමයි 1997 වර්ෂයේදී මෙම විහාරස්ථානය තුළත් මූලික පිරිවෙනක් ආරම්භ වුණේ. අපේ නායක හාමුදුරුවෝ මෙම පිරිවෙන මුල් කරගෙන ගිහි පැවිදි උගතුන් රාශියක් බිහි කරන්න දායක වුණා. ඒ වගේම උගත්, නැණවත්, ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේලා බිහි කරන්නට දරන ලද උත්සාහය පිළිබඳව ද අපේ ගෞරවය හිමි විය යුතුයි.

ඒ වගේම උන්වහන්සේ තම විහාරස්ථානය මුල් කර ගෙන ආරම්භ කර ඇති දහම්පාසල තුළින් ද ගුණ නැණ බෙලෙන් යුතු පිරිසක් සමාජයට දායාද කිරීමට ගත් උත්සාහය ද මා අගය කරනවා.

නාරංගොඩ සිරිනිවාස හිමියන් විශාල ශාසනික සේවාවක් කරපු, රට, ජාතිය, ආගම ගැන ලැදියාවක් තිබුණු භික්ෂූන්වහන්සේ නමක්. මේ වගේ කාලයක උන්වහන්සේගේ සේවය අහිමි වීම මුළු රටටම විශාල පාඩුවක්.

කුරුණෑගල කියන්නේ රාජධානි හතරකින් සමන්විත වුණ සංස්කෘතිකමය වශයෙන් අතිශය වැදගත් ප්‍රදේශයක්. අපවත්වී වදාළ සිරිනිවාස අපේ නායකහාමුදුරුවෝ බලාපොරොත්තු වූ ආකාරයට මේ ප්‍රදේශයේ ආගමික හා සංස්කෘතික ප්‍රබෝධය ඇති කරන්නත්, වෙහෙර විහාර දියුණුකර සංරක්ෂණය කරන්නත් අප ඉදිරියේදී කටයුතු කරන බව මේ මොහොතේ සිහිපත් කරන්න කැමතියි. දාහිගමුවේ සුමංගල හිමි, නාරංගොඩ සීවලී හිමි, කඩවත්මඩුවේ සුමනතිස්ස හිමි, ප්‍රධාන ශිෂ්‍ය මාහිමියන් වහන්සේලාටත්, රූපවතී, ඥානවතී, සරත් ගාමිණී, සහෝදර සහෝදරියන්ටත් පවුලේ ඥාතීන්ටත් විශේෂයෙන්ම මෙම ඓතිහාසික රජමහා විහාර දායක සභාවටත් මගෙත් සියලුදෙනාගේත් බලවත් ශෝකය පළකරනවා.

අපවත්වී වදාළ ගෞරවාර්හ නාරංගොඩ සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා. සැමදෙනාටම උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.”

මෙම ආදාහන පූජෝත්සවය සඳහා අස්ගිරි විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමි, බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, කැලණිය රජමහා විහාරාධිපති මාහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන නාහිමි, දඹදෙණිය රජමහා විහාරාධිපති දඹදෙණිය හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති නාරංගොඩ සංඝානන්ද නාහිමි,ප්‍රධාන ගරුතර මහා සංඝරත්නය, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ,ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්ගෙන් සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද සහභාගි වූහ.

SendShareShare
Previous Post

සජිත් ලතාගේ සුවදුක් බලන්න යයි: පියානෝ-ගිටාර් ගහමින් ලතා එක්ක සින්දුත් කියයි (VIDEO)

Next Post

වාලච්චේන කඩදාසියට යළි පණ දෙයි: පළමු තොගය එළියට එයි

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.