• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාලච්චේන කඩදාසියට යළි පණ දෙයි: පළමු තොගය එළියට එයි

August 4, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
වාලච්චේන කඩදාසියට යළි පණ දෙයි: පළමු තොගය එළියට එයි
Share on WhatsAppShare on Facebook

‘වාලච්චේන කඩදාසි කම්හලට නැවත පණ දීම’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය වන සෞභාග්‍යයේ දැක්ම තුළ අන්තර්ගත කොට ඇති ‘මේ රටේ ඇති හැකියාවන් උද්දීපනය කළ යුතුය’ යන්නට හොදම නිදසුනක් සපයා තිබෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

‘ශ‍්‍රීපත්' යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි’ යන සන්නාමය යටතේ වාලච්චේන කඩදාසි කම්හලේ ප‍්‍රථම කඩදාසි තොගය වෙළදපොළට මුදාහැරීමේ රාජ්‍ය උත්සවයේ දී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා එසේ පැවසීය.

එහි දී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සදහන් කළේය.
‘‘මේ අවස්ථාව ලැබුණාම මට බොහොම සතුටක් වගේම එක්තරා ආකාරයකට සංවේගයක් ද ඇති කරනවා. ශිෂ්‍යයෙක් හැටියට සිටියදී මට මතකයි පාසලෙන් වාලච්චේන කඩදාසි කම්හලේ ක‍්‍රියාකාරීත්වය බලන්න රැගෙන ගියා. මෙය ගොඩක් දුර බැහැරක ගමනක් නිසා මට එම අවස්ථාව මඟහැරුණා. කොහොම නමුත් මේ කම්හල ගැන අනිකුත් ශිෂ්‍යයන් මා සමඟ කතා කළා. පසුව 1977 ශ‍්‍රී ලංකා පරිපාලන සේවයට ඇවිත් මුලින්ම රාජකාරිය කරන්න පටන් ගත්තම එතැන හිටපු නිලධාරි මහත්මයෙක් කිව්වේ ‘සර් බොහොම පරිස්සමෙන් කඩදාසි පාවිච්චි කරන්න. කඩදාසි අපිට අඩුයි’ කියලා. ඒ කාලෙ ලියුම් කවරය අනිත් පැත්ත හරවලා සකසා ගෙන අපි ලියුම් යවලා තියෙනවා. එහෙම කළේ, අපිට තියෙන සම්පත් සුරැුකීමට අවශ්‍ය නිසා. විදේශ විනිමය අපට තිබුණේ නැහැ. විදේශ විනිමය අපිට පාවිච්චි කරන්න තිබුණේ ඉතාමත් අත්‍යවශ්‍ය දේවල්වලට පමණයි.
‘අපිට පුළුවන් දේවල් නිපදවන්න අවශ්‍යයි’ කියන යුගයේ තමා අපි රාජ්‍ය සේවයට ආවේ. එතැන් සිට දශක ගණනාවක් පසු කරලා නොයෙකුත් දේවල් පිටරටින් ගෙනෙන කාලයක් පසු කරමින් ආපු මට අද ජාතික කඩදාසි සමාගම නැවත පණ ගන්වලා, එහි පළමු නිෂ්පාදන දකින්න ලැබීමම එක්තරා විදිහක සිහිනයක් සැබෑ වීමක්. ගරු අමාත්‍යතුමනි, ඒ ගෞරවය ඔබට ලැබෙන්නම අවශ්‍යයි.
අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා පැහැදිලිවම දරන මතයක් තියෙනවා, ‘අපිට මේ රටේ කරන්න පුළුවන් දේවල් සියල්ල අපි කළ යුතුයි‘ කියන පදනම උඩ තමයි එතුමා රාජ්‍ය පාලනය කරන්නේ. මේ කාරණය අමතක කළොත් සදහටම අපිට වෙන්නේ පිටරටට ණය වූ, පිටරටෙන් යැපෙන අපේම දක්ෂතාවන් සියල්ලම යටපත් කරගත් ජාතියක් වෙන්න. මම හිතන්නේ ශ‍්‍රී ලාංකේය ජාතිය එවැනි අවාසනාවන්ත ජාතියක් නොවෙයි.

යකඩ ගොඩක් පරණ යකඩ මිලදී ගන්න සමාගමකට විකුණන්න තිබුණු අවස්ථාවක, ‘මෙය කරන්න පුළුවන්’ කියන ඒ ධෛර්යවන්ත හැඟීම ඔබතුමා ඇතිකර ගැනීමත් අපේ ජාතියේ වාසනාවක්. ඒ ගැන මට තිබෙන්නේ හරිම සතුටක්. මෙහි තිබෙන ධාරිතාවත් මෙහි තිබෙන ශක්‍යතාවත් බැලූවාම අපට වුවමනා කරන ලිපිද්‍රව්‍ය නිපදවීමේ හැකියාව මේ සමාගමට තියෙනවා. මම සභාපතිතුමන්ට සුබ පැතුම් පිරිනමනවා, මේ විශාල කර්තව්‍යය මෙයින් නවත්වන්නේ නැතුව තවත් ඉදිරියට ගෙන යන්න.
මා ඉතා ආසාවෙන් පාවිච්චි කරන දෙයක් තමයි පරිගණකය. කොපමණ පරිගණකය පාවිච්චි කළත් හැකි සෑම අවස්ථාවකම අපේ අත යන්නේ පෑනත් සමග කඩදාසියකට. මේ ලෝකයේ ස්වභාවය ඒකයි, පැරණි දේ් යළිත් පැමිණෙනවා. ඒ නිසා කොතරම් පරිගණක තාක්ෂණය දියුණු වූවත්, අපිට කඩදාසිය අවශ්‍යමයි.
මේ රටට කඩදාසි ආශ‍්‍රිත විවිධාකාර උවමනාවන් තිබෙනවා, ඒ සියල්ල සැපිරීම, වසරකට රුපියල් බිලියන සියයක් රැුක දෙමින් ඔබතුමා විශාල කාර්මික විප්ලවයක් පටන් ගත්තා වෙනවා. 1970 රජය එවැනි කාර්මික විප්ලවයක් පටන් ගත්තා. ලෝහ භාණ්ඩ සංස්ථාව, ලංකා වානේ සංස්ථාව, කඩදාසි සංස්ථාව වැනි දේවල් ගොඩනගමින් ඇවිත් එක් යුගයක දී අපි මේ සියල්ලම අබලි ද්‍රව්‍ය වෙන්නට අත හැර දමලා තියෙනවා.
අපිට මේ සමහර දේවල් මිත‍්‍ර රටවල්වලින් ලැබුණේ. ඛනිජ තෙල් අපි නිතරම පාවිච්චි කරන දෙයක් නිසා යන්තමින් බේරුණත් 1964 ඉරානයෙන් ලැබුණු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අද සපුගස්කන්දේ තියෙන ඒ යන්ත‍්‍ර සූත‍්‍රත් අබලි ද්‍රව්‍යවලට තමයි විකිණෙන්න තිබුණේ. අපි අවාසනාවන්ත යුගයකට ගියා. මට මතකයි 70 දශකයේ දී ලෝහ භාණ්ඩ සංස්ථාව හදපු හැදි ගෑරුප්පු පවා ඉතාමත් ඉහළ තත්ත්වයක පැවතුණු බව පිටරටින් පැමිණි අය පවා පිළිගත්තා. එවැනි විශාල හැකියාවක් සහිතව අපේ කර්මාන්ත තිබුණා.
ඒ වගේම මෙයින් උද්පාදනය වන රැුකියාවන් තුළින් බොහෝ පවුල් ජීවත් වෙනවා. ඒ පවුල් නැවත වරක් පණ ගන්වලා ජීවත් කරවන්නට ගරු අමාත්‍යතුමාත් ජාතික කඩදාසි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් උත්සාහය ගැන අපේ ගෞරවනීය ආචාරය පුද කළ යුතුයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම තුළ සඳහන් ‘මේ රටේ තිබෙන හැකියාවන් නැවත උද්දීපනය කළ යුතුය’ යන්නට හොඳ නිදසුනක් ඔබ මේ ජාතික කඩදාසි සංස්ථාව නැවත පණ ගන්වමින් පෙන්නුවා.’’

මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙම අවස්ථාවට සුභාසිංශන එක් කරමින්
‘‘අපි ප‍්‍රාර්ථනා කළේ මෙවැනි තත්වයක්. අපි දශක ගණනක් සිහින මැවුවේ, මේ රටේ ඒකාග‍්‍රතාව සහ නිෂ්පාදන ශක්තිය දැකලා කොහොමද ස්වාධීන වෙන්නේ, කියලයි. මා පුරාවිද්‍යාව සහ ඉතිහාසය පිළිබඳව කටයුතු කරන වෘත්තිකයෙක්.
අපි අපේ ජීවිත පරදුවට තබලා පර්යේෂණ කටයුතු සිදු කරලා, දැනුම නිෂ්පාදනය කරලා සෑම වේදිකාවකම කිව්වේ, ‘අපට අවුරුදු දහස් ගණන් පැරණි පෞඪත්වයක්, අභීතභාවයක් තිබෙනවා. එය ළගා කර ගන්නා තුරු අපට දෙපයින් නැගීසිටීමට බැහැ’ කියලයි.
අපි දැන් පටන් අරන් තිබෙනවා, අවුරුදු දහස් ගණනක් අපේ මුතුන්මිත්තන් කළ ශ‍්‍රී විභූතිය දෙස නැවත හැරිලා බලලා ඒ සමෘද්ධිය, විභූතිය යළි අත්පත් කර ගැනීමට. ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්තිය’ සාම්ප‍්‍රදායික දේශපාලන ප‍්‍රතිපත්තියක් නොවෙයි ප‍්‍රායෝගික වැඩපිළිවෙළක්, මේ අලූත් දේශපාලන සංස්කෘතිය යථාර්ථයක් බව හ`ගවන්නට අපේ ගරු විමල් වීරවංශ ‘ඇමතිතුමා’ යන වචනයේ අර්ථයට පරිසමාප්ත අර්ථයක් ලබා දීලා, අද ජාතිය නඟා සිටුවීමට අවශ්‍ය කරන වැඩ පිළිවෙලේ පළමු වෙඩි මුරය තබා තිබෙනවා. අපි හෘදයාංගම ලෙස ඔබට සුභාසිංසනය කරනවා. සියලූ ඇමතිවරු මේ කාර්යය ආදර්ශයක් හැටියට අරගෙන රට ගොඩනැගීමට අවශ්‍ය කරන බලය ලැබුණායින් පසුව වැඩ කරන්නය කියා ඉල්ලනවා.’’

ශ‍්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති දිලාන් පෙරේරා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අනිල් කාරියවසම්, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති ඉංජිනේරු ජනක රත්නකුමාර මහත්වරු ද මෙම ජාතික කර්තව්‍යයට සුභාශිංසන එක් කළහ.

මෙහි දී ‘ශ‍්‍රීපත් – යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි’ යන සන්නාමය යටතේ ටොන් 40කින් යුතු ප‍්‍රථම කඩදාසි තොගය වෙළඳපොළට මුදා හැරීම සනිටුහන් කරමින් විශේෂ සමරු ඵලකයන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ට පිළිගැන්වීම ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා විසින් සිදු කරන ලදී. එසේම මෙම ටොන් 40ක කඩදාසි තොගය මෙරට මුද්‍රණ ක්ෂේත‍්‍රයේ නියුතු සමාගම් කිහිපයක් විසින් මිලදී ගැනීම සංකේතවත් කරමින් ඔවුනට ද ‘විශේෂ සමරු ඵලක’ පිළිගැන්වීම සිදු විය.

ඒ අනුව පේපර් කොම් ටේ‍්‍රඩින් කොම්පැනි සමාගමේ සභාපති සාකීර් කබුර්දීන්, රන්පත් පේපර් (පුද්* සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිරූන් බුද්ධසිරි, ආනන්ද ටේ‍්‍රඩින් කම්පැනි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජානමුත්තු ආනන්දන්, කැමිලස් පබ්ලිකේෂන් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ගයාන් පෙරේරා යන මහත්වරු මෙම විශේෂ සමරු ඵලක ලබා ගත්හ.

SendShareShare
Previous Post

සිරිනිවාස නාහිමියන්ගේ ශ්‍රී දේහයට අගමැති අවසන් ගෞරව දක්වයි

Next Post

ඊළග අගමැති මහින්දද-සජිත්ද? තීන්දුව අද

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.