පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අද (19) දහවල් තීනියාවල පාලිත හිමි සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව සිරිකොත ආරංචි මාර්ග අනාවරණය කරයි.
තීනියාවල පාලිත හිමියන් අද දහවල් සිරිකොත පක්ෂ මූලස්ථානයට ගොස් වික්‍රමසිංහ මහතා සමග මහමැතිවරණ පරාජය පිළිබදවත්, පක්ෂ නායකත්වය වෙනස්විය යුතු ආකාරය පිළිබදවත් සාකච්ජා කොට තිබේ.
මෙහිදී පාලිත හිමියන් ප්‍රතාශ කොට ඇත්තේ දැන්වත් පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබා දී වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවකි.
මෙහිදී වික්‍රමසිංහ මහතාද ඊට තම පාර්ශ්වයෙන් පිළිතුරු ලබා දීමත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව දැනගන්නට ඇත.









