සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ නාමයෝජනාවන් සදහා නීතිමය බාධාවන් මතුව ඇති බව කියමින් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ව්‍යාජ පුවතක් යවමින් සිටින බව දැනගන්නට ඇත.
සිරිකොත පක්ෂ මූලස්ථානය මගින් මෙම ව්‍යාජ පුවත් පතුරුවමින් සිටින බවද දැනගන්නට තිබේ.
සමගි ජන බලවේගයට ගම්මට්ටමින් ලැබෙමින් පවතින දැවැන්ත ප්‍රතිචාරය හමුවේ විශාල කඩාවැටීමකට ලක්ව සිටින වික්‍රමසිංහ මහතාට සමීප පිරිස් මෙම ප්‍රචාරය ගෙනයමින් සිටින බවද වාර්තා වේ.









