• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සියදිවි නසාගන්නවා ! අලුත්ම එක කොළඹින් ! සරසවි සිසුන්ට මොකක්ද මේ වෙච්ච විනාසේ…! Sri Lanka Latest News

August 16, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
සියදිවි නසාගන්නවා ! අලුත්ම එක කොළඹින් ! සරසවි සිසුන්ට මොකක්ද මේ වෙච්ච විනාසේ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විවිධ හැලහැප්පීම්, බලාපොරොත්තු බිඳවැටීම් නිසා සියදිවි නසාගැනීමේ සිදුවීම් ගැන මේ කාලයේ අහන්න දකින්න ලැබෙනවා ටිකක් වැඩියි. ඒ නිසා මානසික පීඩනය, විශාදය වැනි තත්ත්වයන් උග්‍ර වුණාම එය අවසන් විය යුත්තේ ජීවිතයෙන් සමුගැනීමෙන්ද කියන දේ අපි හැම කෙනෙක්ම වටහාගත යුතුයි. අද ඔබට කියන්න යන කතාවට පාදක වෙන්නේ කොළඹ වෛද්‍ය පි‍ඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ, කෑගල්ල පිටිහුම බෙලිගස් පාර අංක 55/1 දරන නිවසේ පදිංචිව සිටි ගෞතමදාසගේ ආසිරි ශානක නමැති 24 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යයා පසුගිය 02 වැනිදා ගෙල වැලලාගෙන ජීවිතයෙන් සමුගෙන ගිය පුවතයි.Sri Lanka Latest News

ආසිරි ශානකගේ මවුපියන්ද කෑගල්ල මහ රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරුන් බවයි දැනගන්නට ලැබුණේ. ඒ වගේම ඔහුගේ සහෝදරියද තුන්වැනි වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස අධ්‍යයන කටයුතු සිදුකරමින් සිටිනවා.

මේ ශිෂ්‍යයා සිය නිවසේ ඉහළ මහලේ කාමරයක ග්‍රිල් එකේ ඇඳ ඇතිරිල්ලක් ගැටගසා එහි ගෙල වැලලාගෙන මියගොස් තිබුණා. ඒ අවස්ථාවේ ඔහුගේ මව හා සහෝදරිය නිවසේ පහත මහලේ සිට තිබෙනවා. ඔහුගෙන් දිගු වේලාවකින් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා මව තම පුතා පිළිබඳ සොයා බලන්නට වී ඇති අතර, එහිදී ඇයට පුතා මුහුණදී ඇති අවාසනාවන්ත ඉරණම දැකගන්නට ලැබී තිබුණා.

කෙසේ වෙතත්, මියගිය වෛද්‍ය ශිෂ්‍යයාගේ පියා මරණ පරීක්ෂණයේදී සිය පුතාගේ මරණය සම්බන්ධයෙන් මෙලෙස පවසා සිටියා.
‘මං කෑගල්ල රෝහලේ 16 වැනි වාට්ටුවේ වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා. බිරිඳත් වෛද්‍යවරියක්. අපට දරුවන් දෙන්නයි. මියගිහින් සිටින්නේ වැඩිමහල් පිරිමි දරුවා, දෙවැනියා දුව. දුවගේ වයස අවුරුදු 23යි. දුවත් වෛද්‍ය ශිෂ්‍යාවක්. පුතා සාමාන්‍ය පෙළ හොඳට සමත් වෙලා ඊට පස්සේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගත්තා. උසස් පෙළ විභාගය සමත් වෙලා 2021 වර්ෂයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයට ඇතුළත් වුණා.

හැම සිකුරාදාවකම පුතා ගෙදර එනවා. සඳුදා අලුයම ආපසු කොළඹ විශ්වවිද්‍යාලයට යනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අවසන් දින කිහිපය තමයි පුතා ඉගෙන ගනිමින් හිටියේ. ආසිරි පුතා අන්තිමට ගෙදර ඇවිත් තිබුණේ ජූලි 14 වැනිදා. වෛද්‍ය පිඨයට යන්නේ නැතුව පුතා දිගටම ගෙදර හිටියා. පස්සේ මම ඇහුවා පුතේ විශ්වවිද්‍යාලයට යන්නේ නැද්ද කියලා. ‘මට මේ දේවල් එපාවෙලා තියෙන්නේ’ කියලා කිව්වා. තව ටික කාලයයි නේ යන්න තියෙන්නේ, ඒ ටිකත් යන්න කියලා මම කිව්වා. කොහොම හරි පුතා ‌විශ්වවිද්‍යලයට ගියේ නැහැ. පුතාගේ හැසිරීමේ වෙනසක් පසුගිය දවස් ටිකේම තිබුණා. වැඩිපුර කතාබහ කළෙත් නැහැ. ඒ වුණත් එයාගේ වැඩකටයුතු කරගත්තා. මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්න යමු කියලා මම කිව්වාම පුතා බැහැ කිව්වා. පස්සේ මම මානසික වෛද්‍යවරයකුට පුතා ගැන කියලා බෙහෙත් ගෙනාවා. නමුත් පුතා ඒ බෙහෙත් බිව්වේ නැහැ.’

‘අපේ ගෙදර බල්ලෙක් හැදුවා. ඒ බල්ලාට අපේ දුවයි පුතායි දෙන්නාම ආදරෙයි. බල්ලා මාස එක හමාරකට විතර කලින් මියගියා. බල්ලා මැරුණට පස්සේ පුතා හරිම දුකෙන් වේදනාවෙන් හිටියේ.’

‘මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් කිව්වා මහනුවර පෞද්ගලික රෝහලක හොඳ මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් ඉන්නවා කියලා ඒ වෛද්‍යවරයාට පෙන්වන්න කියලා. පස්සේ ඒ වෛද්‍ය ආයතනයට කතා කළාම 02 වැනිදා හවස පුතා එක්කරගෙන එන්න කියලා කිව්වා. දෙවැනිදා මමයි බිරිඳයි පුතයි දුවයි හතර දෙනාම ගෙදර හිටියා. පුතා මාත් එක්ක උදේ කෑවා. පුතාගේ කිසිම වෙනසක් මම දැක්කේ නැහැ. පස්සේ මම උදේ 8.30ට විතර කෑගල්ල මහ රෝහලේ රාජකාරි කරන්න ගියා. බිරිඳයි පුතයි දුවයි ගෙදර හිටියා. පුතා ඉන්නේ ගෙදර ඉහළ මහයේ කාමරයක. බිරිඳයි දුවයි හිටියේ පහළ මාලයේ. උදේ 9.45ට විතර බිරිඳ මට කතාකරලා කිව්වා ඉක්මනට ගෙදර එන්න කියලා. ඒත් එක්කම මම ගෙදර ගිහිල්ලා පුතා හිටිය කාමරයේ දොර අරින්න හැදුවා. නමුත් පුතා ඇතුළෙන් දොර වහලා තිබුණා. මම ඉනිමගක් ගෙනල්ලා ජනේලෙට තියලා ජනේලයෙන් බැලුවා. කාමරයේ මොකවත් ඒ ජනේලයෙන් පෙනුණේ නැහැ. එහා පැත්තේ තිබුණු ජනේලය ළඟට ඉනිමග තියලා බැලුවා. එතකොට පුතා ඉඳගෙන ඉන්නවා වගේ දැක්කා. පස්සේ මම යකඩ ඉන්න ගෙනල්ලා දොර කඩලා ඇතුළට ගිහිල්ලා බැලුවා. පුතා ඇඳ ඇතිරිල්ලකින් ජනේලයක ග්‍රිල් එකක ගෙල වැලලාගෙන ඉන්නවා දැක්කා. පසුසේ මම ඇඳ ඇතිරිල්ල පිහියකින් කපාගෙන පුතාව වාහනයට දාගෙන කෑගල්ල මහ රෝහලට ගෙනාවා. මට දැනගන්න ලැබුණා පුතා මියගිහිල්ලා කියලා…’

පසුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය වෛද්‍ය ජී. මංගල මහතා විසින් සිදුකරනු ලැබුවා. ඒ අනුව මෙම මරණය ගෙල වැලලාගැනීම නිසා සිදුවූ මරණයක් බවට තහවුරු කර තිබුණා.

කෑගල්ල ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි. සිසුවාගේ අවසන් කටයුතු පසුගිය 04 වැනිදා කෑගල්ල නගර සභා පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

අවමංගල උත්සව අවස්ථාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යයෙක් හඬා වැලපෙමින් ගුණ කථනයක් සිදුකර තිබුණා. ඔහු පැවැසුවේ මියගිය ශානක, විශ්ව විද්‍යාලයේ ඕනෑම කටයුත්තක් වෙනුවෙන් පසුබට නොවී ඉදිරිපත් වන ඉතා යහපත් මිතුරකු බවයි.

සමහර මවුපියෝ දරුවන්ට අවශ්‍ය සියලු දේ ළඟාකර දීලා, අපි දරුවන්ට අවශ්‍ය දේ දුන්නා කියලා හිතනවා. නමුත් දරුවන්ට අවශ්‍යම දේ වන ආදරය කරුණාව ඔවුන් දරුවන්ට දීලා නැහැ. මේ නිසා අවසානයේ පසුතැවෙන්න වගේම කදුළු සලන්නට සිදුවන්නේ මවුපියන්ටමයි. ඒ නිසාම තමයි තමන්ට ආදරය දුන්න සුනඛයා මේ ලෝකය හැර ගියාම මේ දරුවා හදවතින් හිතින් කඬා වැටෙන්නට ඇත්තේ. බොහෝ මවුපියන් යුතුකම් ඉෂ්ට කරනවා. නමුත් දරුවන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ. දරුවන්ට ළංවෙලා ‍ඔවුන්ගේ ප්‍රශ්න බෙදාගන්නේ නැහැ. කොච්චර උගත් පවුලක් වුණත්, කොච්චර කරුණු කාරණා දැනගත්තත් වැඩක් නැහැ දරුවන්ගේ හදවතට කතාකරන්න මවුපියන් අසමත් වෙනවා නම් යන්නයි බොහෝ දෙනකුගේ අදහස වී තිබුණේ. දරුවන්ට මොනා සැප දුන්නත් වැඩක් නැහැ එයාලා බලාපොරොත්තු වන ආදරය සෙනෙහස රැකවරණය ගෙදරින් ලැබෙන්නේ නැතිනම් යනුවෙනුයි සමාජ මාධ්‍යයේ බොහෝ දෙනකු අදහස් පළකර තිබුණේ. දරුවා පුතෙක් වුණත් දුවෙක් වුණත් හොඳම මිතුරන් විය යුතුතේ අම්මයි, තාත්තයි. කොච්චර වැඩ තිබුණත් විනාඩියක් හරි වැය කරලා දරුවන්ට සවන් දෙන්න ඕනේ. එහෙම වුණාම දරුවන්ගේ යම් වෙනසක් තියෙනවා නම් මවුපියන්ට ඒක දැනෙනවා. වෛද්‍ය වෘත්තියට අපි ගරු කළ යුතුයි. නමුත් ඒ ජීවිතවල තිබෙන අවිවේකී බව දරුවන්ට දැනෙන්නට ඉඩ නොදිය යුතුයි. අද දරුවන්ට සෞන්දර්යයට ක්‍රීඩාවට සොබා දහමට යොමුවෙන්න වෙලාවක් නැතිවෙලා, මේ, එවැනි මගහැරීම්වල තවත් ප්‍රතිඵලයක්දෝ කියලා අපිට සාධාරණ සිතුවිල්ලක් නැගෙනවා.

දරුවා, තමන්ට හැමදේම එපාවෙලා තියෙන්නේ කියලා කිව්ව වෙලාවේ, මොහොතකට හරි එයාගේ ළඟින් ඉඳගෙන ඔහුට ඇතිවෙලා තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා අහන්න, ඒ ගැන කතා කරන්න කෙනෙක් හිටියා නම් මේ අවාසනාවන්ත මරණය සිදු නොවන්න බොහෝ ඉඩකඩ තිබුණා. අම්මේ තාත්තේ අපි දුක් විඳලා සල්ලි හොයන්නේ දරුවන් වෙනුවෙන් නේද? එයාලා ළඟ ඉඳන් කතාකරන්න ගෙදරක සියලු දෙනාම දොස්තරලා ඉන්ජිනේරුවෝ වියයුතු නැහැ. දරුවන්ට හීන තියෙනවා. ඒවාට යන්න ඉඩ දෙන්න. අපිට දරුවන් මගහැරුණොත් එයාලට එයාලාගේ ජීවිතේම මගහැරෙනවා. දරුවෙක් නැති වුණොත් අපි දුක්විඳලා හම්බ කරන එකේ ඇති වැඩේ මොකද්ද කියලා හිතන්න. දරුවන්ට පොළොවේ පයගහලා ජීවත්වෙන්න කියලා දෙන්න. ධර්මයට යොමු කරවන්න. අනෙකාගේ දුක තේරුම් ගන්න, ජීවිතවල වටිනාකම තේරුම් ගන්න පුළුවන් මනසක් ඇති දරුවන් මේ ලෝකෙට දායාද කරන්න උත්සාහ ගන්න.

මේ රටට නැතිවුණේ බොහෝ රෝගීන්ගේ ජීවිත ගොඩදාන්න හිටිය ජීවිතයක්. ඒ වගේම මේ අම්මයි, තාත්තයි මේ දරුවා වෙනුවෙන් අනන්ත කැපකිරීම් කරන්නට ඇති. ඒ අහිමිවීමේ වේදනාව දැනෙන්නේ මවුපියන් හා ඔහුගේ ආදරණීයයන්ටම පමණයි. වර්තමාන සමාජයේ දරුවන් ඉගෙන ගත්තට ප්‍රශ්න හමුවේ අසරණයි. ජීවිතයේ කඩාවැටීම්වලට මුහුණ දෙන්න, ප්‍රශ්නවලට ඔරොත්තු දෙන්න ඉගෙන ගෙන නැහැ. අද දරුවන් මේ අධ්‍යාපන ක්‍රමය නිසා පාසල්වල විශ්වවිද්‍යාල තුළ පීඩනයෙන් මිරිකිලා. පාසල් අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය වියයුතු කාලය උදාවෙලා දැන් ගොඩක් කල්. අපේ දරුවන් අකාලයේ ජීවිත හැර යන්නේ මේ අධ්‍යාපන ක්‍රමයට ඔරොත්තු දෙන්න බැරිව, විශාදය වැනි මානසික රෝග හේතුවෙන් වුණත් මේ තත්ත්වයන්ට පිළිතුරු හොයන්න බලධාරීන්ට තවමත් හැකි වෙලා නැහැ කියන එක පැහැදිලියි.

මීට පෙර අවස්ථා කීපයකදීද අධ්‍යාපන රටාවට ඔරොත්තු දෙන්න බැරිව පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් කීප දෙනෙක්ම අකාලයේ ජීවිත හැරගොස් තිබුණා. හෝමාගම පාසලක රුචිකා ඉන්දුමා සිසුවිය ගුරුවරියකගෙන් එල්ල වුණු මානසික පීඩනය නිසා දිවි නසාගෙන තිබුණේ පසුගිය ජූලි 29 වැනිදායි. ඒ ඹෟෂධ අධිමාත්‍රාවක් පාවිච්චි කිරීමෙන්. ඇගේ පියාද පාසලක විදුහල්පතිවරයෙක්. ඇතැම් ජනප්‍රිය පාසල්වල ප්‍රතිඵල ඉහළ නංවාගැනීමේ අරමුණෙන් එම පීඩනය දරුවන් පිට පටවන බවයි ඔහු බොහෝ දෙනා පවසා තිබුණේ. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කර හොඳ දරු පරපුරක් තැනීමට සුදුසු වාතාවරණයක් බලධාරීන් විසින් ඇති කළ යුතු බවටද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අදහස් පළකරමින් කියා තිබෙනවා.

පසුගිය අප්‍රේල් 29 වැනිදා කොටහේන පාසලක අධ්‍යාපනය ලැබූ අම්ෂිකා නමැති සිසුවිය මහල් නිවාස සංකිරණයේ 7 වැනි මහලෙන් පැන දිවි නසාගත්තේ ගුරුවරුන්ගෙන් එල්ල වූ පීඩනය දරාගැනීමට නොහැකිව බවටයි ඇගේ ඥාතීන් චෝදනා කර තිබුණේ. මීට අමතරව තවත් මෙවැනි සිදුවීම් විශාල ප්‍රමාණයක් පසුගිය කාලයේ වාර්තා වුණා.
ඔබගේ ආදරණියන් වෙනුවෙන් විනාඩියක් හෝ වැයකර සවන් දෙන්න. ඔවුන්ගේ ගැටලුවලට විසඳුමක් ලබාදෙන්න. එසේ නොවුණොත් මුළු ජීවිත කාලයේම පසුතැවෙන්න සිදුවේවි. ඔබේ ආදරණීයයකුට විශාදය හෝ එවැනි මානසික තත්ත්වයක් ඇතැයි හැඟෙයි නම් ඔවුන් වෙනුවෙන් 1926, 1933 හෝ 0113140844 යන දුරකතන අංකවලින් මානසික සෞඛ්‍ය විද්‍යායතනය අමතා පිළිසරණක් ලබාගන්න අවස්ථාව තිබෙනවා. ඔවුන් ඔබ වෙනුවෙන් රහස්‍යභාවය රැක නොමිලයේ උපදෙස් ලබාදෙනවා. ප්‍රශ්න තිබුණු මිනිස්සු ඒවා නිරාකරණය කරගත්ත නිසා තමයි අද ඔවුන් මේ තරම් ලස්සනට ජීවිත ගෙවන්නේ. ඒ නිසා ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් තියෙන බවත් අපි කවුරුවත්ම අමතක කරන්න හොඳ නැහැ.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පරමානු බෝම්බ මිලියන ගණනක බලයක්! ඩයිනෝසරයන් ඇතුළු පෘථිවියේ ජීවීන්ගෙන් 75%ක් විනාශ කළ මහා පිපිරුම! ජීවමාන සාක්ෂි අදටත් තියෙනවා! Sri Lanka Latest News

Next Post

ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහර ආරම්භය සඳහා කරඬුව තැන්පත් කරන්න මුල්වරට විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලබන මාසයේ සිට මෙරට කාලගුණයට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.