ඇතැම් ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට අදින කබායේ වටිනාකම ලක්ෂ 8ක් හෝ 9ක් වන බවත්, එවැනි ඇදුම් ගැනීමට ඔවුන්ට මුදල් කොහෙන් එනවාදැයි තමන් නොදන්නා බවත් රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා කීය.
මාධ්‍ය සමග සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ තමන්ට එසේ කළ නොහැකි බවත්, තමන් පාර්ලිමේන්තුවට පවා අදින්නේ 2500ක් වැනි මිලකට ගත් කමිසයක් බවත්ය.
එමනිසා තමන්ට වැටුප් නොමැතිව රාජකාරී කළ නොහැකි බව කී අමාත්‍යවරයා තමන් ගන්නා වැටුපට වඩා වැක කරන බවට පොරොන්දුවක් ලබා දය හැකි බවත්, තමන්ට වැටුප හැරුණු විට වෙනත් ආදායමක් නොමැති බවත් සදහන් කර සිටියේය.










