ඉදිරිි දින කිහිපය ඇතුළත සියලුම පක්ෂ මහලේකම්වරුන් සහ නියෝජිතයන් හමුවී මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
මීට අමතරව සියලුම සෞඛ්‍ය අධිකාරීන්ද කැදවා මැතිවරණයක් පැවැත්වීම සදහා උචිත තත්ත්වයක් රට තුළ පවතිනවාද යන්න සම්බන්ධයෙන් ද විමසා බැලීමටද මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ.
කලින් සැලසුම් කළ පරිදි ආණ්ඩුව මහමැතිවරණයට සූදානම් වන බවට වාර්තා පළවීමත් සමග මැතිවරණ කොමිසම මෙම පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් විපක්ෂයේ ප්‍රධාන දේශපලාන පක්ෂ සියල්ලක්ම පාහේ දැනටමත් මහමැතිවරණය ඉක්මන් කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කොට ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය මර්දනය කිරීමෙන් පසු ජනජීවිතය යථාතත්ත්වයට පත්කොට ඉන් අනතුරුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ජා කළ යුතු බවකි.










