සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) දිනයේ යළිත් තමා මුල සිට තරග කළ හම්බන්තොට දිස්ත්‍රික්කයට ගොස් තිබේ.
ඒ, සමගි ජන බලවේගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහාය.
එහිදී තිස්සමහාරාමය, බෙලිඅත්ත ඇතුලු ස්ථාන රැසක රැස්වීම් පැවැත්වී ඇති අතර එහිදී විශාල ජනතා පිළිගැනීමක්ද ප්‍රේමදාස මහතාට හිමිව ඇති බව වාර්තා වේ.










