ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් මහතා අද (13) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුනේය.
තානාපතිවරයා සහ විපක්ෂ නායකතුමා අතර විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරුණ අතර විශේෂයෙන්ම කොරෝනා ව්‍යසනය අබියස ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය සහ ශ්‍රීලංකාවට අවශ්‍ය සෞඛ්‍යමය උපකරණ ලබා ගැනීමට සහය ලබා දෙන ලෙස විපක්ෂ නායකතුමා දකුණු කොරියානු තානාපතිවරයාව දැනුවත් කරනු ලැබීය.
ඒ පිළිබඳව දකුණු කොරියානු තානාපතිවරයා සිය විශේෂ අවධානය යොමු කළ අතර ලංකාවට අවශ්‍ය සහය නිබදවම ලබා දෙන බවද පැවසීය.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසක් දකුණු කොරියාවේ සේවය කරන අතර ඔවුන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.











